උඩරට නිලමෙ හැඩ වගේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-07-06-ent-03අපි පොඩි කාලෙ කරලා තියෙන සමහර පිස්සු වැඩ ගැන පස්සේ කාලෙක මතක් වුණාම හිනා යනවා වගේම ලජ්ජත් හිතෙනවා. ඒත් චූටි කාලෙ හිතට කා වදින බොහෝ දේවල් ලේසියෙන් අකා මකා දමන්න අමාරැයිනෙ.

ළඟදි පවත්වපු සාදයකදී පුංචි පැදුරැ සාජ්ජයක් තිබුණා. ඒකට සින්දු කියන්න ආපු ශිලිපියෙක් කිව්ව සමහර සින්දු මතක් වෙලයි මේ වගේ දෙයක් ලියන්න හිතුණෙ.

පුංචි කාලේ රේඩියේ එකෙන් අහපු සින්දු තමයිනෙ බොහෝ දෙනෙකුට මතක තියෙන්නෙ. අද වගේ ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා සිංදුවල වචන ගෙඩි පිටින් ඩවුන්ලෝඩ් කරන්න ඒ කාලෙ පහසුකම් තිබ්බෙ නැහැ.

කනට ඇහෙන දේ තමයි මතකයෙ රෙජිස්ටර් වෙන්නෙ. අර තියෙන ගායකයාත් පොඩි කාලෙ ඇහිච්ච විදිහට සින්දු මතකෙ තියාගෙන ඉඳලා තියෙන්නෙ මේ විදිහට.

"මහද නමැති වන බඹරා -

නංගී කනට ඔබේ - ආදරේ කියයි මෙසේ...."

"නංගී මට දැන් කියන්න ආදරේදෝ..."

"උඩරට නිලමෙ හැඩ වගේ..."

 

DESHAYA