ඊළඟට ඔයා හොඳේ
කලා ක්ෂේත්‍රයේ මංගල උත්සවයක් එහෙම තිබුණම යොවුන්, නව පරපුරේ නිළියන් ඒ වෙනුවෙන් සෑහෙන්න මහන්සි වෙනවා ඇඳුම් පැළඳුම් හා අනෙකුත් දේවල්වලට.
ඒත් ක්ෂේත්‍රයේ ඉන්න ඇතැම් ජ්‍යෙෂ්ඨයින් නිසා සමහර නවක නිළියො මංගල උත්සවවලට යන්න අදිමදි කරනවලු. හේතුව මේකයි. වෙඩිංවලට ගියාම මේ අවිවාහක යොවුන් නිළියන්ව සමහර ජ්‍යෙෂ්ඨ ශිල්පිනියන් බයිට් කරනවලු "හා හා දැන් ඊළඟට ඔයා තමයි හොඳේ", කියලා.
මේ කෙල්ලො මිනිස්සු ඉස්සරහ අසීරුතාවයට පත්වෙනවලු. ඕක කරන්නෙ එක්කෙනෙක් දෙන්නෙක් වුණාට, හැමෝම ඉස්සරහනෙ කියන්නෙ. මේක නවත්තන්නම බැරි නිසා, තරුණ නිළියො කීපදෙනෙක් එකතුවෙලා ප්ලෑන් එකක් ගැහුවලු මේ වදෙන් බේරෙන්න. ඒ අදහස නම් තිතටම වැඩ කළාලු.
මොකක්ද දන්නවද වැඩේ? අවමඟුල් උත්සවවලදී අර කලාවට සම්බන්ධ ජ්‍යෙෂ්ඨයින් හම්බුණාම, මේ කෙල්ලො ටික ඒ අසලට ගිහින් කියනවලු, "ඔන්න ඊළඟට ඔයා හොඳේ", කියලා.