ඉහේ කෙස් ගාණට සින්දු ලිව්වලු
සින්දු ජනප්‍රිය කරගන්න දැන් අලුත් ගායක ගායිකාවො නොකරන දෙයක් නැහැනෙ.
ඒ වගේ අලුත් සින්දුවක් හදන්න අදහස් කරගෙන හිටිය නව පරපුරේ තරැණයෙක් එයාගෙ යාළුවෙක් හම්බවෙන්න ගියාලු මේ ගැන පොඩි අදහසක් ලබාගන්න.
"මට ඕනෙ හොඳට හිට් කරගන්න පුළුවන් සින්දුවක් කරන්න. දන්නවනෙ මට සල්ලිවලින් ප්‍රශ්නයක් නැහැ කියලා. ඕනෑම චැනල් එකකට අවශ්‍ය දේවල් කරන්න පුළුවන්. හොඳ වචන සෙට් එකක් තමයි ඕන වෙන්නෙ..."
"හරි හරි මම දන්න පද රචකයෙක් ඉන්නවා සින්දු ලියනවා ඇඬෙන්න. ඉහේ කෙස් ගාණට හිට් සින්දු ලියලා තියෙනවා..."
"හා එහෙනම් නැගපං කාරෙකට. අපි දැන්ම එයාව හම්බවෙන්න යමුද?" දෙන්නම අර පද රචකයාගෙ ගෙදරට ගියාලු.
"ආ මල්ලි කොහොමද?" කියාගෙන ආපු පද රචකයා දැකලා අලුත් ගායක මල්ලිට තරැ පෙනුණලු.
ඉහේ කෙස් ගාණට සින්දු ලිව්වයි කිව්වට පද රචකයගෙ ඔළුවෙ බෙහෙතකටවත් හොයාගන්න කෙස් ගහක් නැහැල්ලු.