ඉව්වට බෙදන්න බැහැ
මේ දිනවල රෑපගත කිරීම් සිදුකරන ටෙලිනාට්‍යයකට සම්බන්ධ කෝකිවරයකු ගැනයි මේ කතාව. කොහෝ ගියත් මේ ටෙලිනාට්‍ය කණ්ඩායමේ නිත්‍ය කෝකිවරයා ඔහු වීම නිසා ඔහු කාගෙත් විශ්වාසය දිනාගෙන තියෙනවා.
පසුගිය දවසක ඔහුට අසනීපවෙලා වෛද්‍ය උපදෙස් අනුව විවේක ගන්න සිද්ධවෙලා. ඒත් ඔහුගේ කැපවීමේ තරම කොච්චරද කියනවානම් ඔහුගේ රාජකාරිය පැහැර හැරියෙ නැහැ. ඒත් එදා දවල් කෑම මේසෙට බෙදලා තිබුණෙ නැති නිසා කට්ටිය පොඩ්ඩක් කලබලවෙලා.
“අපේ කුක්ට අසනීප නිසා දොස්තර කියලලු බෙඩ් රෙස්ට් ගන්න. ඉතින් කොහොම හරි කෑම උයලා තියෙනවා. ඒත් මේසෙට බෙදන්න බැහැලු.
“ඒක මාර කතාවක්නෙ උයන්න පුළුවන්නම් ඇයි මේසෙට යවන්න බැරි. එහෙනම් අපිද කුස්සියට ගිහින් බෙදාගන්න ඕනෙ?” මළ පැනපු එක නළුවෙක් ඇහුවලු.