ඇමැතිතුමා අමතකවෙලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2016-09-14-ent-04ආරක්ෂාවට සම්බන්ධ ආණ්ඩුවෙ දෙපාර්තමේන්තුවක් පසුගිය දවසක මහ ඉහළින් තමන්ගෙ උපන් දිනය සැමරැවා...

මේ සඳහා තිබුණ උත්සවේ ප්‍රධාන අමුත්තා වුණේ රටේ ලොකු මහත්තයා... දෙවැනි අමුත්තා කවුල්සිලේ කතානායක උන්නැහේ... විෂය භාර ඇමැතිතුමත් ප්‍රධාන අමුත්තෙක් හැටියට ආවා... සාමාන්‍ය සම්ප්‍රදාය අනුව රටේ ලොකු මහත්තයා මෙවැනි උත්සවයකට එනකොට උන්නැහේගෙ ආසනේ දෙපැත්තෙන් එක පැත්තක අසුන්ගත්තෙ විෂය භාර ඇමැතිතුමා. ඒත් මෙතෙන්දි ඒක සිද්ධ වුණේ නැතිලු.

රටේ ලොකු මහත්තයගෙ එක පැත්තකින් කතානායකතුමා අසුන් ගනිද්දී විෂය භාර ඇමැතිතුමාට සාමාන්‍යයෙන් පැනවෙන ආසනේ මේ දෙපාර්තමේන්තුවෙ ප්‍රධානිය ඉඳගත්තා. ඊට එහායින් පුටුවක්ලු ඇමැතිතුමාට දුන්නෙ...

මේක ආණ්ඩුවෙ උත්සව චාරිත්‍ර උල්ලංඝනයක් වගේම විෂය භාර ඇමැතිතුමාට කරපු මදි පුංචිකමක් හැටියටත් ආණ්ඩුවෙ ඉහළටම වාර්තා වෙලා... මේ වගේ පුටුකේස් ගණනාවක් ඔය කියන දෙපාර්තමේන්තුවෙ ඉහළ නිලය අතින් සිද්ධ වුණ නිසා ළඟදිම මේ ගැන යමක් වෙන්න යනවය කියලා කියැවෙනවා.

 

DESHAYA