ඇමැති පිරිසට සැර අවවාදයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20160325-ent-104ආණ්ඩුවෙ ඉන්න ප්‍රබල ඇමැති සයිස් දෙතුන් දෙනෙක් පසුගියදාක මහනුවර කිට්ටුව තියන ප්‍රසිද්ධ පන්සලකට ගියා නායක හාමුදුරැවො බැහැදකින්න. කලකට පෙර කටුකම්බි වලින් වට කරපු මේ ආරාමේ නායක හාමුදුරැවො කියන්න තියන දේ මූණටම කියන ප්‍රකට හිමිනමක්...

ඉතින් මේ ඇමැති කස්ටිය ගිහින් හාමුදුරැවන්ට වැඳලා එකත් පස්ව හිටියා.. නායක හාමුදුරැවොත් රුල් බුරැල් ඇරලා කතාව පටන් ගත්තෙ හෙමින්. එත් විනාඩියක් දෙකක් යනකොට කතාව සැරවුණා...

"මහත්තයෝ ඔහේලට ලැජ්ජ නැද්ද. අර මනුස්සයත් කාලා දැන් මේකත් කාලා දාන්නද හදන්නෙ.. ඔහේලට තාම පරණ කට්ටියට බණිනව ඇර වැඩක් කරන්න බැරි වුණා.."එහෙම කියලා බොහොම තදින් කතාකරන්න, පටන් ගත්ත ඇමැති පිරිසක් "එහෙමයි" හාමුදුරැවනේ කිය කියා අහගෙන ඉඳලා බොන්න කිව්ව තේ එකවත් බොන්න නොහිට හෙමින්ම දිරාමාරැ වුණා.

මේ වාග් ප්‍රහාරයට ලක්වුණ එක ලොක්කෙක් උඩරට පළාතෙ කටකාරයෙක් ගියපාර ඡන්දෙ පැරදිලා ජාතික ලැයිස්තුවෙන් පින පාදගත්ත කෙනෙක්.. අනෙක් කෙනා ඌවෙ.. තුන්හතරපාරක්ම ආසනේ පරාදයි.. ඒත් මනාප තිබුණ හින්දා කවුන්සිලේට ආපු පොරක් කියලයි ආරංචි. තව කෙනෙක් බස්නාහිර. අනෙක් තුමා උඩරට පළාත් ලොක්කෙක්ලු.

 

DESHAYA