ඇඳලා දීපු පාරේ සර්...



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-27-ent-1231එක්තරා අලුත් චිත්‍රපටයක නිෂ්පාදන අංශයට අලුත් ඩ්‍රයිවර් කෙනෙක් ආවලු. ගමේ කොල්ලෙක් නිසා කොළඹ පාරවල් ගැන ඒ හැටි දැනුමකුත් තිබුණෙ නැහැ. චිත්‍රපටයට සම්බන්ධ වැඩවලට වාහනෙන් එළියට ගියාම නිෂ්පාදන කළමනාකරු එයාට යන පාරවල්, හැරෙන හන්දි වගේ ඒවා පැහැදිලිව කොළයක ඇඳලා දෙනවලු. 

ඔන්න දවසක් ෂූටින් අතරතුර හදිසියේ බඩු වගයක් ගන්න මේ රියදුරා යැව්වලු වාහනේ. යන පාරවල් එහෙම ඇඳලා කඩේ නමත් ලියලා මෙයාව යවලා තියෙන්නෙ. කඩේ තියෙන්නෙ නුගේගොඩ කිට්ටුව. ෂූටින් කරන තැන ඉඳලා එතනට යන්න මිනිත්තු 5ක්වත් යන්නෙ නැහැලු. ඒත් මිනිත්තු 20කුත් ගිහින් මේ රියදුරාගෙන් කෝල් එකක්වත් නැති නිසා නිෂ්පාදක කළමනාකරු ඔහුට කෝල් එකක් ගත්තලු.වැඩේ හරිද? දැන් එන ගමන්ද?

නෑ නෑ. තාම යන ගමන්. සර් ඇඳලා දීපු පාරවල් දිගේ තමයි යන්නෙ, රියදුරා කිව්වලු.පිස්සු නටන්න එපා. ඔයා පාර වරද්දගෙන. දැන් කොයි හරියෙද ඉන්නෙ කියලා කියන්නකො. ඔය හරියෙ කඩේක පේන බෝඩ් එකක් කියවන්නකො ඉන්න තැන බලාගන්න.සර් මෙතන තියෙනවා බෝඩ් එකක් ජංගම දුරකතන අලුත්වැඩියා කරනු ලැබේ කියලා.

 

► Text - Mithra

 

DESHAYA