ඇත්ත කියන්නෙ කව්ද?
ආණ්ඩුවෙ මහ ඇමැති සයිස් මහත්තයෙක් පසුගියදා පොදු විපක්ෂයෙන් ආණ්ඩුවට එන අය ගැන ප්රසිද්ධ සභාවෙ ප්රකාශයක් කළාලු...
ඒ වගේම මුලින්ම විනය ක්රියා මාර්ග ගන්න යන අය ගැනත් ඉඟියක් කළා කියලයි ආරංචි.... ඒ අනුව ළඟදිම දකුණෙ මාතර පැත්තෙ කටකාර දේසපාලු මහත්තයෙක් ආණ්ඩුවෙ ඇමැති පට්ටමකට පනින්න යනවලු...
ඊළඟට ගම්පහ පැත්තෙ ඉන්න අනාගතේ මේ රටේ දෙවැනි පුටුව වුණත් අයිතිවෙන්න පුළුවන්ය කියල දෛවඥයෝ කියන එක්තරා මහත්තයෙක් පක්ෂයෙන් එළියට තල්ලු කරන්න යනවය කියලත් මහ ඇමැතිතුමා ප්රකාශ කරල...
රටේ ඉහළම තැන්වලට සම්බන්ධ මහ ඇමැති තැන මේ කතාව කිව්වට පස්සෙ උන්නැහේ දකුණෙන් ආණ්ඩුවට පනිනවය කියල කියාපු මහත්තයත් ප්රකාශයක් කළාලු.
උන්නැහේ කිව්වෙ කවුරැ කොහොම ප්රචාර කළත් තමන් මැරැවත් පොදු විපක්ෂයෙන් නොයන බවයි.