ආදරෙයි මං ඔය හිතට තාමත්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-05-18-ent-01ඕනම කෙනකුට නිර්මාණශීලී අදහස් පහළවෙන වෙලාවක් කලාවක් නැහැනෙ. ඒත් ඒවා මතකෙ තියාගන්න එකයි අමාරැම වැඩේ. අපි දන්න ටෙලිනාට්‍ය තිර රචකයෙක් නම් කරන්නෙ එයාගෙ ඔළුවට අදහසක් ආව ගමන්ම සාක්කුවේ තියෙන කොලේක ඒක ලියලා සටහන් කරගන්නවා. කොහේ හිටියත් ඒක පුරැද්දක් හැටියට කරනවා.

ඔන්න ළඟදි දවසක බස් එකක යන ගමන් එයාට ලස්සන සින්දුවක් ඇහිලා තියෙනවා කාලෙකට පස්සෙ. ටෙලිනාට්‍ය නමකට වුණත් හොඳයි කියලා හිතපු නිසා ඒකෙ මුල් පද පේලිය උඩ සාක්කුවේ තිබුණ කොලේක ලියලා තියාගත්තලු.

එදා වැඩ රාජකාරි ගොඩක් ඉවර කරලා ගෙදර ඇවිත් තියෙන්නෙ රූ බෝවෙලා. පහුවදා උදෙන්ම මේ තිර රචකයා ඇහැරැණේ එයාගෙ නෝනගෙ යුද ප්‍රකාශයත් එක්කලු.

"මට ඇත්ත කියනවා, කවුද මේ කෙල්ල? නාට්‍ය නාට්‍ය කියලා යනකොට මම හිතුවා මේ වගේ දෙයක් වෙයි කියලා. මේක මම ලේසියෙන් අතාරින්නෙ නෑ..." අහල පහල ගෙවල්වල අයටත් ගෝරණාඩුව ඇහෙනවලු.

බැලින්නම් වෙලා තියෙන දේ දන්නවද? එයා අර සින්දු කෑල්ල ලියලා තිබුණෙ එයාගෙ යාළුවෙක් දීපු අඳුනන ගෑනු ළමයකුගෙ ෆොටෝ එකේ පිටිපස්සෙලු. රඟපාන්න අවස්ථාවක් අරන් දෙන්න කියලලු කෙල්ලගෙ ෆොටෝ එක දීලා තියෙන්නෙ.

අර සින්දුව මොකක්ද කියලා දන්නවද?

"ආදරෙයි මං ඔය හිතට තාමත්..."

 

DESHAYA