අලුත් සංවිධායක ගැන ඒකාබද්ධ විපක්ෂය පරලවෙයි
හිටපු ලොකු තැනට හිතවත් පළාත් පාලන කස්ටිය සංවිධානෙ වෙන්න පටන් අරන්ලු. එයාල මේ වැඩේ කරන්නෙ ඉදිරි පළාත් ඡන්දෙ බලාගෙන කියලයි කියන්නෙ...
තිරය පිටුපස ආරංචිවලින් අහන්න ලැබෙන විදිහට මෙහෙම පළාත් පාලන කස්ටිය සංවිධානෙ කරන්නෙ පසුගිය ජනාධිපති ඡන්දෙන් හිටපු ලොකු තැනට පරාජයේ පාර පෙන්නපු එයාගේම පවුලෙ කෙනෙක්ලු... තමන් දේශපාලනේට එන්නැහැ කිය කියා මේ විදියට උන්නැහේ ආයෙම පරණ ලොකු තැනගෙ දේශපාලන වැඩවලට අතදමන එක ගැන මෙච්චරකල් හිටපු ලොකු තැන එක්ක දේශපාලන ගමන ගිය ඒකාබද්ධ විපස්සෙ කස්ටිය හොඳටම අප්සෙට්ලු....
හිටපු ලොකු තැනට අමාරැම කාලෙ උන්නැහේට ගොඩනැගෙන්න අත දුන්න පිරිස පැත්තක ඉද්දි නැවතත් පාක්ෂිකයන්ගෙ විතරක් නෙවේ තම තමන්ගෙ අය අතරවත් ජනප්රසාදයක් නැති කට්ටිය කිට්ටු කරගත්තොත් තමන්ගෙ දේශපාලන ව්යාපාරෙටත් අබ සරණයි කියලයි ඒකාබද්ධ විපක්ෂය කියන්නෙ.
දැනට මේ ගැන තැන් තැන්වල තියෙන්නෙ කුසුකුසු පමණයි. ඒත් අද හෙටම මේ අලුත් සංවිධායකගෙ ප්රශ්නෙ පුපුරන්න ඉඩ තියනව. හිටපු ලොකු තැන එක්ක මේ ප්රශ්නය කතා කරල දෙකෙන් එකක් බේරගන්නට කියලයි උන්නැහේට හිතවත් ඒකාබද්ධ විපක්ෂෙ කස්ටිය කියන්නෙ.