අලුත් මුහුණකට ඉඩ කඩ
තමන්ගේ පක්ෂයෙ අණට අකීකරැව වැඩ කරන මහ ඇමැති සයිස් මහත්තයකුට ටිකට් එක ඇදෙන්න පක්ෂයෙ නායක කාරකාදීන් තිරය පිටුපස්සෙ ලොකු වැඩ පිළිවෙළක් කරගෙන යනවා කියලා ආරංචියි..
කෙටිකාලෙකින් කරළියට ආපු මහ ඇමැතිතැනට තිබෙන මහ චෝදනා අතරෙ පක්ෂ නායක තැනගෙ නියමයන් නොතකා හෑරීම පක්ෂ නායකත්වය ලබාගැනීම සඳහා යටි යටි සූත්තර ක්රියාවට නැංවීම වගේ ඒවා තියනවලු..
එච්චර විතරක් නෙවෙයි. තමන්ගෙ පක්ෂයට විරැද්ධව එළිපිට වැඩ කරන පක්ෂ හා කණ්ඩායම් එක්ක රහස් සතරකන් මන්ත්රණ පැවැත්වීම ගැනත් පැමිණිලි තියනවලු..
මේ සේරම උන්නැහේ කරන්නේ පක්ෂයෙ ජාතික ලැයිස්තු සයිස් මහත්තයෙක් උඩට ඒවි කියන බයටලු. මේ හුට පට නිසා මහතැන එක්ක තිබුණු විරසකේ හුඟක් දුර දිග ගිහිල්ලලු.. එකේ ප්රතිඵලයක් ලෙස මීළඟ පළාත් සභා ඡන්ද දෙදි මුන්නැහේ වෙනුවට මුන්නැහේ වගේම නීති විශාරදයෙක් ඔය කියන පළාත් සභාවට ගේන්න යනව කියන ආරංචිය දැන් උතුරැ පළාතෙ හුඟක් දෙනෙක් දන්නවලු... ඒත් ඒ ගැන උන්නැහේගෙ පක්ෂයෙන් කවුරැහරි ඇහුවොත් අනේ අපි දන්නෙ නැහැ.. අපි ඕවට නැහැ කියලා පක්ෂ නායක කස්ටිය දිරා මාරැවෙනව කියලත් කියනවා...