අලුත් මුහුණක්
රටේ ලොකුම නගර සභාවෙ මහ පුටුවට අලුත් මුහුණක් ඉදිරිපත් කරන්න යනවය කියලා ලොකු කතාවක් යනවා... හැමදාම වගේ අලිපාටිය පහසුවෙන් දිනාගන්න මේ සභාවෙ දැනට ඉන්න කෙනා වෙනුවටයි.. අලුත් මුහුණක් ගේන්න යනවය කියන්නෙ...
මේ අලුත් මුහුණ අයිති මහත්තයාදැන් රටේ එක්තරා ප්රසිද්ධ තරැණ කටයුතු ගැන වැඩ කරන සභාවක සභාපතිලු... පසුගිය ගංවතුර දවස්වල උන්නැහේ හිටු කියලා කොළඹ කිට්ටුව ගංවතුර ආධාර බෙදන්නත් ඉදිරිපත් වුණෙත් මේ කටයුත්තට සුදුසුනම් ලබාගන්නය කියලා ආරංචියි.
හැබැයි කොච්චර ඡන්දෙ ඉල්ලන්න සූදානමක් තිබුණත්.. එතන පොඩි පරහකුත් තියනවලු... ඒ උන්නැහේ තවමත් මේ කියන ඡන්ද බල ප්රදේශයේ ඡන්දදායකයෙක් හැටියට රිජිස්ටර් වෙලා නැති එකලු.. ඉතින් මේ අවුරැද්දෙ එයා කොළඹ කිට්ටුව අලුතෙන්ම ඡන්දෙට ලියාපදිංචිවෙන්න යනවය කියලත් කතාවක් යනව... කොහොමින් කොහොමහරි උන්නැහේ කොළඹ දිනලා ලොකු දේශපාලන ගමනක් යන්න ලැහැස්තිවෙනවය කියලයි ආරංචි...