අලුත් එක්කෙනාට අබසරණයි
සමහරැ හැන්දෑවට ඇඟ රත්කර ගන්න විෂය භාරව ඉන්න කොමසාරිස් ජනරාල් තැනට ක්ෂණික මාරැවක් ලැබිලලු.. ඒකට හේතුව උන්නැහේ නීතියෙන් පිට වැඩ නොකිරීම කියලයි ආරංචි.
විෂය ගැන බලය ඇති බලය නිසාම බුද්ධිය අඩුවුණු දේසපාලුතුමෙක් දෙන නීති විරෝධි නියෝග සේරම මුන්නැහේ කුණු කූඩෙට දානවලු.
පසුගියදා රෙස්ටූරන්ට් හා බාර් ගණනාවකට දෙන්න කියපු පර්මිට් නුදුන්නෙ පාසල් පන්සල් ළඟ තිබුණ නිසාලු... ඒකටත් උන්නැහේට පෝරියල් එකක් වැටිල...
ඊළඟට තමන්ට නටවන්න බැරි පහළ නිලධාරින් මාරැ කරන්න දේසපාලුතුමා කිව්වම ඒකත් උන්නැහේ කළේ නැතිලු. ඉතින් මෙච්චර බලය තියෙද්දිත් ඔය වගේ සිල්ලර වැඩක්වත් එයාගෙන් කරගන්න බැරිනම් මොකටද කියපු බලධාරිය කොමසාරිස් ජනරාල් තැනට ක්ෂණික මාරැවක් දීල.
උන්නැහේ දැන් යන්න ලෑස්තීලු. එයා වෙනුවට එන කෙනාට අබසරණයි කියලයි එතන සේවකයො නම් කියන්නෙ.