අමුතු විභාගයක්
වරාය පැත්තෙන් ඝෝෂාවක් ඇහෙනව. එතැනට අබ්බියාසලාභීන් ගන්න මෙච්චරකල් ආණ්ඩුවට තිබ්බ විභාගෙ මේ පාර වෙන ආයතනයකින් කළා කියලයි මේ ඝෝෂාව මතුවෙන්නෙ...
මේකට හේතුව එච්චර සුදුසුකම් නැති දෙතුන් දෙනෙක් බඳවාගන්න තියන දේශපාලන වුවමනාව කියලයි තතුදත් අය කියන්නේ...
මේ ආයතනයට සම්බන්ධ ඉහළම ලේකම් පට්ටමක් දරන කෙනෙක්ගෙ පුත්රයෙක් වගේම ආයතනය අනාථ කරපු වරායේ කුස්සියේ නිතර නිතර ගැවසෙන පොරකගෙ පුතකුට රස්සා වාසනාව උදාකරල දෙන්න හිතාගෙනලු මේ ජරමරේ කළේ... ආයතනයෙ ඉතිහාසයේ කවදාවත් නොකරපු වැඩ දේශපාලන හයිය මත කරන එක ගැන මෙතෙක් කල් ඔය විභාග පවත්තපු රාජ්ය පරිපාලනේ බලධාරිනුත් කොක්ක ඇදල කියල ආරංචියි.