අමුතු කතාබහක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2016-08-04-ent-04ආණ්ඩුවට නිතර බණින ගිය ආණ්ඩුව කාලෙ ජනමාධ්‍ය අයිතිකාරයෙක් වගේ හිටපු මහත්තයෙක් ඉන්නවා. උන්නැහේ උඩරට පළාතෙන් කවුන්සිලේට පත්වෙලා දැන් ඒකාබද්දෙ මන්ත්‍රී සයිස් පට්ටමක් දරන උන්නැහේ කෙනෙක්...

මුන්නැහේ කලක් අලි පාටියෙ ඉඳලයි පස්සෙ බුලත් කොළේට සැට් වුණේ... ආණ්ඩුවෙ පට්ටමක් නැති වුණාම දරාගන්න බැරැව නලියන උන්නැහේ ජනවාරි 8 දා පැවති රජය පෙරළුණාට පස්සෙ දෙතුන් පාරක්ම ට්‍රයි කළේ අලි පාටියට ආපසු යන්නලු... ඒත් අලි පාටියෙන් මේ ඉල්ලීම පිළිගැනුණෙ නැතිලු.

ඒ නිසා ඒකාබද්දෙ කස්ටිය එක්ක එකතු වෙලා ආණ්ඩුවට තඩිබබා ඉන්න මුන්නැහේ පසුගිය දාක උඩරට පළාතෙම ප්‍රබල ඇමැතිතුමෙක්ගෙ මවගෙ අභාවය ගැන අවසන් බුහුමන් දක්වන්න ගියාලු. 

ඒ ගමනෙදි එතැන හිටපු ආණ්ඩුවෙ ලොකු ලොක්කො දෙතුත් දෙනෙක් එක්ක පැය ගාණනක් කළ රහස් කතාබහක් ගැන කොළඹටත් ආරංචි වෙලා. 
පසුගිය ආණ්ඩු කාලෙ කරපු සමහර රජ වැඩ නිසා දැනටමත් නඩු හබ ගණනාවකට මුහුණ දීල ඉන්න මුන්නැහේ රුවුල පත්තුවුණාට පස්සෙ කරණමකට අර අඳිනවය කියල මේ මළගෙදර හිටපු හුඟ දෙනෙක් කීවලු...

 

DESHAYA