අපේ සීයාගෙ ක්ලාස්මේට් බඳිනවලු
මේ දවස්වල වෙඩින් ගැන ආරංචි වෙනවා, වෙඩින්වලට ආරාධනා ලැබෙනවා. ඒ අස්සෙ ලොකු ලොකු කට්ටිය පොඩි පොඩි කට්ටිය බඳිනවා, මාර මඟුලක් වෙලා.
ඒ අස්සෙ අපේ කලා ක්ෂේත්‍රයේ නැඟී එන නිළියක් ඊයෙ පෙරේදා දවසක ෂූටින් ආපු තැනක අපූරැ කතාවක් කියලා.
“ඊයෙ රූ අපේ සීයා වෙඩින් එකකට ගියානෙ.”
“ඉතින් මොකක්ද ඒකෙ වැරැද්ද?”
“වැරුද්ද ගැන නෙවෙයි අනේ මම කිව්වෙ. සීයා ගියේ එයාගෙ ක්ලාස්මේට් කෙනෙකුගෙ වෙඩින් එකට,” ඇය කිව්වලු.
“ඔව් අනේ ඕගොල්ලො පුදුම වෙන්න එපා. ඒ යාළුවා බැඳලා රට ඉඳලා තියෙන්නෙ. නෝනා නැතිවෙලා අවුරැදු 5කට කලින්. ළමයිනුත් බැඳලා වෙනම ඉන්න නිසා, මෙයාගෙ තනි නොතනිය මකාගන්නලු ආයෙත් විවාහ වුණේ.”
“හරි ෂෝක් මඟුලක්නෙ!”