අපේ තාත්තා පැරඩයිස්වෙලා
අලුත්ම ටෙලිනාට්‍යයක රෑගත කිරීමක් පහුගිය දවස්වල කළුතර පැත්තෙ තිබුණලු.
ප්‍රවීණයො එක්ක වැඩ කරන්න එදා අලුත් රංගන ශිල්පියෙකුත් හිටියා. මේ අලුත් ශිල්පියා වචන 10ක් කතා කළොත් 5ක්ම බර ඉංග්‍රීසිවලින්ලු දාන්නෙ. ඒත් ඒ ඉංග්‍රීසි වචන වෙලාවකට එයාටම තේරෙන්නෙ නෑලු.
ඔන්න එදා අධ්‍යක්ෂකගෙ ඥාතියෙක් ඩෙංගු හැදිලා ඉස්පිරිතාලෙ නවත්තලා හිටියලු. ඉතින් නළු නිළියන්ගෙ දවසේ මාතෘකාව වුණේ ලෙඩරෝග.
"අපෙත් මල්ලි කෙනෙක් ඩෙංගු හැදිලා හොස්පිටල් හිටියා. එයාගෙ බැක්ග්‍රවුන්ඩ් එක බැහැලම ගියා..." අර අලුත් නළුවා කිව්වලු.
"බැක්ග්‍රවුන්ඩ් එක?" ප්‍රවීණ නළුවෙක් ඔහුගෙන් ඇහුවලු.
"ඔව් ඔව් බ්ලඩ් ටෙස්ට් පැය හතරෙන් හතරට ගත්තා. එතකොට තමයි බැක්ග්‍රවුන්ඩ් එක බහින බව දැනගත්තෙ..."
"ආ... ඒ කියන්නෙ බ්ලඩ් කවුන්ට් එකනෙ... අයියෝ.."
"මම මාසයක් එකදිගට අපේ තාත්තා ළඟ හොස්පිටල් හිටියා. එයා පැරඩයිස්වෙලා ඉන්නකොට,"අලුත් නළුවා ආයෙත් කියනවා.
"පැරඩයිස්? ඒ කියන්නෙ තාත්තා ස්වර්ගස්ථ වුණාද?"
"නෑ නෑ අයියෙ... එයා අංශභාගෙ හැදිලා හිටියනෙ."
"අයියෝ පැරඩයිස් නෙවෙයි පැරලයිස්. දන්න සිංහලෙන් කතා කරනවකො මල්ලි..."