අපි දුන්නෙ බෝම්බයක් නෙවෙයිනෙ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-03-23-ent-34මේ කාලෙ ටීවී චැනල්වල යන රියැලිටි වැඩසටහන් දිහා බැලුවම තමයි තේරෙන්නෙ අපේ සිනමාවෙ රූපවාහිනියෙ දැඩි නළු නිළියන්ගේ හිඟයක් තියෙන හේතුව. මොකද හැම නළු නිළියෙක්ම වගේ දැන් මොකක්හරි ටීවී චැනල් එකක රියැලිටි වැඩසටහනක ඉන්නවනෙ.

ඒ මදිවට දැන් ළමයින්ගෙ රියැලිටි වැඩසටහනුත් එන්න එන්නම වැඩිවෙනවා. ළමයින්ගෙ පස්සෙන් යන අම්මලට තමයි ඉතින් බිසී වැඩිවෙලා තියෙන්නෙ. ඔන්න ළඟදි ඔය වගේ ළමා රියැලිටි වැඩසටහනක දී චූටි පුතෙකුට මයික් එකක් දීලා සින්දුවක් කියන්න කිව්වලු. ඔන්න බොලේ එකපාරටම ඒ ළමයගෙ අම්මා කලබලවෙලා අඬන්න පටන් ගත්තලු. කට්ටිය හොල්මන් වෙලා. මේක රිහසල් එකක් නිසා ෂේප්.

‘අනේ මගේ පුතා මීට කලින් කවදාවත් මයික් එකකින් සින්දු කියලා නැහැ. ඒකයි මට ඇඬුනෙ.’

අම්මා එහෙම කිව්වම වැඩසටහන් අධ්‍යක්ෂකට මලපැන්නලු.

‘ඉතින් අම්මෙ අපි මයික් එකක්නෙ පුතාට දුන්නෙ, බෝම්බයක් නෙවෙයිනෙ,’ කියලා ඔහු කිව්වලු.

 

DESHAYA