අපි ඔරිජිනල් අය නෙමෙයිලු
වොල්ගා කල්පනී කියන්නේ බොහෝ රසික ප්රසාදයටපත්වූ ආදරණීය චරිතයක්. වොල්ගාට දැඩි අකරතැබ්බයකට මුහුණදෙන්න වෙලා තියෙනවා කියලා තමයි අපට ආරංචි වුණේ. වෝල්ගාගේ නමින් ෆේස්බුක් එකේ තියෙන බොරු ප්‍රොෆයිල් නිසා මේ අපහසුතාවට එයා පත්වෙලා තියෙන්නේ. ඉතිං වොල්ගා සහ හර්ෂණ මේ පිළිබඳව පැමිණිල්ලක් දාලා කියලා තමයි දැනගන්න ලැබුණේ. මේ කාරණාව පිළිබඳව ඇත්තනැත්ත වොල්ගාගෙන්ම ඇහැව්වාම එයා කිවේවේ,
"අපිට තියෙන ප්‍රශ්නෙ වෙලා තියෙන මේවගේ බොරු ප්‍රොෆයිල් හදන කෙනා නවත්තන්නෙ නැති එකයි. මේ කාරණාව පිළිබඳව අපි පැමිණිල්ලකුත් දැම්මා. ඉතිං එහෙන් කිව්වා අපි නළුනිළියෝ නිසා ඔය ගොල්ලන්ගේ මුල්කවරවල ෆොටෝස් ගූගල් එකෙන් අරගෙන හදන එක නවත්වන්න බැහැ කියලා. අපි දෙන්නාගේ නමට ඔරිජිනල් ප්‍රොෆයිල් එකක් තිබ්බා. ඒකත් හැක්කරලා. ෆේස්බුක් එකෙන් අපිට ඊමේල් එනවා. අපි ඔරිජිනල් අය නෙමෙයි කියලා. එක තමයි අපිට ඇති වෙලා තියෙන FB ප්‍රශ්නේ."