අපි ඉන් එකේ ඉන්නවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-01-15-ent-03පසුගිය නිවාඩු කාලෙ නුවරඑළියෙ පැත්තෙ ඇඟිල්ලක් ගහන්න ඉඩක් තිබුණෙ නැහැල්ලු.

පොඩි හෝටල් පවා ලොකු ගණන්වලට ගියාලු. හරියට කෑම කන්න තැනක් හොයාගන්නත් අමාරුවෙලා. ඔන්න ඒ දවස්වල ෂූටිං නැති නිසාත් කලාකරුවෝ රැසක් ඔවුන්ගේ පවුල්වල අයත් එක්ක නුවරඑළියේ සිහිල විඳින්න ගිහින් තියෙනවා.

ඒත් ඒතරම්ම සෙනඟ වැඩි නිසා බොහෝ ශිල්පීන්ට එකිනෙකා නුවරඑළියේදී හම්බවෙලත් නැහැ. FB එකෙන් තමයි බොහෝ අය දැනගෙන තියෙන්නේ යාලුවෝ එහෙ ආපු විත්තිය.

ඔන්න හදිසියේ ඒ වගේ ආරංචියක් දැනගත්තු ගමන් කලා ශිල්පිනියක් එයාගෙ හොඳම මිතුරියට කතා කළාලු.

‘හානේ මම දැනුයි දැනගත්තෙ ඕගොල්ලොත් නුවරඑළියෙ ඇවිත් කියලා’ ඇය යාළුවට කතා කරලා කිව්වලු.

‘අනේ ඔව් ඒ වුණාට අපිට හොඳ තැනක් ලැබුණෙ නැති නිසා දැන් අපි කොළඹට පිටත් වෙනවා’ යාළුවා කිව්වා.

‘අපි නම් ඉන් එකක ඉන්නෙ..’

‘හා ඇත්තද අපි නම් යන් එකක යන්නෙ...’

බැලින්නම් අරයා ‘ඉන්’ කියලා තියෙන්නේ කුඩා ප්‍රමාණයේ සංචාරක හෝටලයකට. යාළුවා ‘යන්’ කියලා තියෙන්නේ ‘සම්යන්’ වාහන වර්ගයට.

 

DESHAYA