අප්පට සිරි පැටලිල්ලක්
මෑතකදි පැවැති සජීවී රෑපවාහිනී වැඩසටහනකට සහභාගි වීමට කලා ශිල්පීන් හතර දෙනෙක් නියමිතව හිටියා.
මේකප් කාමරේ එක්තරා ජනප්‍රිය කලා ශිල්පිනියක් මේකප් කරගෙන ඉන්නවලු. දැන් වැඩේ ඉවරවෙන්න ළඟයි. එතකොටම එතනට එනවා තවත් ජනප්‍රිය නළුවෙක්.
“ආ අයියා කොහොමද? කාලෙකින්නෙ...,” කණ්ණාඩියෙන් නළුවා දුටු මේකප් දාගෙන හිටි ශිල්පිනිය කිව්වලු.
“හොඳයි නංගි, වැඩ කරගෙන යනවා. ඒක නෙවෙයි අද මේ ප්‍රෝග්‍රෑම් එකට එන අනිත් තුන්දෙනා කවුද?” ඔහු ඇහුවලු.
“අනේ මම දන්නෙ නැහැනෙ. අයියා ඉන්නවා කියලා දන්නෙත් දැන් දැක්කට පස්සෙ...”
“ආ... ඒක නේන්නම්. මට නම් ආරංචි වුණා ‘අහවලා’ත් මේකට එනවා කියලා.”
ඒත් ඇගෙන් ඒකට ප්‍රතිචාරයක් ලැබිලා නැහැ.
ඔහු කලබල වෙලා හිතුවලු මොනවා හරි වැරදි දෙයක්වත් කියවුණාද කියලා. ඔහු ඇය දිහා ආයෙත් ඕනකමින් බැලුවලු.
“අප්පට සිරි. මම අර ‘අහවලා’ කියලා අහපු නිළියනෙ මේ. මදෑ කරගත්ත ගොන්කම. මේකප් දානකොට ගාණකට දාගන්න එපායැ, මනුස්සයෙකුට අඳුරගන්න පුළුවන් විදිහට.” ඔහු ඔහුටම කියාගෙන එතනින් මාරැ වුණාලු.