අපල දුරැකරන පිට්සා
විවිධ හේතූන් නිසා ඕනෑම කෙනකුගේ කුසලතාවන් හැමදාම එක විදිහට පවතින්නෙ නැහැනෙ. අද වේදිකාවේ රඟපාන සුපිරිම නළුවා වුණත් හෙට රඟපාන්නෙ වෙනස් විදිහට.
ඔන්න මෑතක රෑගත කළ ටෙලිනාට්‍යයක සැලකිය යුතු චරිතයක් රඟපාන ප්‍රවීණ නිළියක් සම්බන්ධ කතාවකුයි මේ.
ඇයට මේ ටෙලිනාට්‍ය පුරාවට දෙබස් මතක තබාගැනීමේ ගැටලුවක් තිබුණා. ඒත් ඇගේ දරැවන් ලෙස රඟපාන තරැණ නළු නිළි පිරිස ඇයට හැම සහයෝගයක්ම දෙනවා.
කාර්මික අංශයේ වැඩ කරන මල්ලි කෙනෙක් මේ ප්‍රවීණ නිළියට අපූරැ යෝජනාවක් කළා.
"අක්කගෙ මොනව හරි අපල කාලයක් වෙන්න ඇති මේ ගෙවිලා යන්නෙ. හැබැයි ඕකට හරියන ප්‍රතිකර්මයක් කියන්නද?"
"මොකක්ද මල්ලි?"
"ඔය ග්‍රහ අපල දුරැවෙලා යන්නත් එක්ක අර ටවුමෙ කඩෙන් අපි හැමෝටම උණු උණු එළවළු රොටී අරන් දෙන්නකො..."
"නෑ නෑ එපා...," කැමරා සහායක කිව්වලු.
"රොටී අරන් දෙන්න එපා අක්කෙ. අපලෙ හරියට දුරැවෙන්නනම් අපිට පිට්සා අරන් දෙන්න. වැඩේ කිරි ගහට ඇන්නා වගේ සිද්ධවෙයි," ඔහු කිව්වා.