අනේ සාධු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-05-18-ent-02සමහර අයට කිහිල්ල ළඟින් කාගෙ හරි අතක් තියා මැස්සෙක් ගියත් ඇතිවෙන "කිචි" ගතිය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. අපේ කලා ලෝකෙත් ඒ වගේ පුද්ගලයෝ ඉන්නවා. හැබැයි ඒගොල්ලො බොහොම පරිස්සමට ජීවත් වෙනවා. හැබැයි සමහර අයටනම් හොස්ස ළඟින් මැස්සා යන්න බැහැ වගේ කිහිල්ල අහලකින් අතක් පයක් ගියොත් ප්‍රතිචාර දක්වන්නෙ සුද්ද සිංහලෙන්.

මේ වගේ ප්‍රතිචාර දක්වන කෙනෙක් නිසා එයාගෙ පවුලෙ උදවියටත් අසීරැ අවස්ථා ගොඩකට මුහුණදෙන්න වෙලා තියෙනවා.

බැරිම තැන එයාට කියලා කියලා බොහොම අමාරැවෙන් ඒ තත්ත්වය වෙනස් කරගෙන තියෙනවා.

"ඒ වගේ කිචි දැනෙන වෙලාවට කලබලවෙලා නරක වචන පාවිච්චි කරනවා වෙනුවට හොඳ වචනයක් දෙකක් පුරැදු කරගන්න. කාලයක් ගියාම හරි යයි," එයාගෙ යාළුවෙක් උපදෙස් දුන්නලු.

"අනේ සාධු..." කියලවත් කියන්න.

එදාම එයාට කෝල් එකක් ඇවිත් ගේට්ටුව ළඟ කතා කර කර ඉඳිද්දි එයාගෙ යාළුවෙක් අත ළඟින් ගියාලු.

කෝල් එකේ ඉඳිද්දිම "අනේ සාධු" කියලා හිත හදාගත්තලු. අර කෝල් එක ඇවිත් තියෙන්නෙ අර හාදයගෙ හොඳම යාළුවගෙන් එයාගෙ අම්මා හදිසියේ නැතිවුණා කියලා කියන්න.

 

DESHAYA