අනේ මෙහෙමත් කඩේ යාමක්
ඔන්න මේ දවස්වල කොළඹින් බැහැර ප්‍රදේශයක චිත්‍රපටයක් හදනවලු. අධ්‍යක්ෂකවරයා කාලෙකට පස්සෙ තමයි මේ නිර්මාණය කරන්නෙ, මොකද නිෂ්පාදකවරැ හොයාගන්න එක ලේසි නැති නිසා.
මේකෙ එක් දර්ශනයක් රෑපගත කරන්න ගිහින් අපේ ප්‍රවීණ නළුවෙකුට මල පැනලා. පස්සෙ තමයි අපට ඇත්ත සිද්ධිය දැනගන්න ලැබුණෙ.
එදා තිබුණෙ ඉස්කෝලෙක එක්තරා පන්තියක දර්ශනයක්. අර ප්‍රවීණ නළුවා විදුහල්පති. ගුරැවරිය තවත් තරැණ නිළියක්.
විදුහල්පති පන්තියට ඇවිත් ගුරැවරියගෙන් යමක් විමසනවා.
‘කට් කට්....’ අධ්‍යක්ෂකගේ අණ පරිදි සීන් එක නවත්තනවා.
‘අනේ මේ පොඩි එකාවත් ඔය ඉස්සරහ පේළියේ වාඩි කරවමුකො.’ එක්තරා කුඩා දරැවෙක් දර්ශනයට එකතු කරන ගමන් අධ්‍යක්ෂක කිව්වලු.
ඔන්න ඔය වගේ හය හත් සැරයක්ම සීන් එක කට් කර කර පන්තියට ළමයි එකතු කරනවලු.
කේන්තිය ඉවසගන්න බැරි තැන ප්‍රවීණ නළුවා අධ්‍යක්ෂකගෙන් ඇහුවලු මේක විහිළුවට ගත්තද කියලා.
‘අනේ නැහැ අයියේ. අපිත් ඉතින් වෙලාවකට අසරණ වෙනවනෙ. මේකෙ ප්‍රොඩියුසර්ලා හත් දෙනෙක් ඉන්නවා. ඒ අයගෙ ළමයි ටික ෆිල්ම් එකේ සීන්වලට දැම්මොත් ඉතින් අපිට ගොඩ යන්න ලේසියිනෙ.’
අධ්‍යක්ෂකවරයා කිව්වලු.