අනේ මෙහෙමත් ගෑනු
මේ ළඟදි වැඩ ආරම්භ කරපු ටෙලිනාට්‍යයකට පාදක වෙලා තියෙන්නෙ ලස්සන නවකතාවක්ලු.
නළු නිළියො තෝරගත්තට පස්සෙ, කතාවෙ තිරරචකයා කතාවෙ ඇතුළාන්තයයි පසුබිම් කතාවයි ඒකෙ ප්‍රධාන චරිත රඟපාන නිළියො දෙන්නෙකුට කිව්වලු. ‘මේ පොත ලියලා තියෙන්නෙ අහවලානෙ. එයා කාලයක් අරයත් එක්ක සම්බන්ධකමක් පවත්වලා තියෙනවා. ඒක බේස් කරලා තමයි මේක කියලා තියෙන්නෙ. දැන් ඉතින් දෙන්නම වෙන අය බැඳලා සතුටින් ජීවිතේ ගෙවනවනෙ. මේක ඕගොල්ලන්ට අදාළ නැතිවුණාට නිකම් විශ්වාසෙට කිව්වෙ හොඳේ,’ තිරරචකයා කිව්වලු.
මේ නිළියො දෙන්නා එදාම අර පොත ලියපු කෙනාට අදාළ අනිත් පාර්ශ්වයගෙ ගෙදරට ගිහින්. යන ගමන් පොත් සාප්පුවකට ගිහින් අර නවකතාවත් අරගෙන. අර ගෙදරට ගිහින් අර අදාළ කෙනාගෙ නෝනට පොත දීලා කිව්වලු ‘ඔයාගෙ මහත්තයාගෙ අතීතය ගැන ඔයා නොදන්න ගොඩාක් දේවල් මේ නවකතාව කියෙව්වොත් දැනගන්න පුළුවන්,’ කියලා.