අනේ මෙහෙම තණ්හාවක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2016-12-29-ent-12සිංහල සිනමා වංශ කතාවේ තවත් එක් ප්‍රවීණ රංගන ශිල්පිනියක් පසුගියදා ඇගේ රංගන දිවියේ හතළිස් වන කඩඉම පසුකළාලු. 

ඒ ගැන මාධ්‍යවලින්ද ඇයට හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. කාගෙවත් පස්සෙන් ගිහින් ප්‍රසිද්ධියක් ලබාගන්නට අකමැති ඇයට පෞද්ගලික රෑපවාහිනී නාලිකාවකින් කතා කළාලු ඇය ගැන පැය දෙකක සජීව වැඩසටහනක් කරන්න.

ඇය රඟපාපු චිත්‍රපටවල පුංචි කොටස් හා ගීත ජවනිකා ඇතුළත් ඩී.වී.ඩී. පටයකුත් ඇය මේ නාළිකාවට භාර දුන්නලු, සාකච්ඡාවට අදාළ තැන්වලදී විකාශය කරන්න. ඔන්න දැන් කතාබහ සජීවව යන අතරතුර ඈ රඟපෑ ජනප්‍රිය ගීතයක රෑපරාමු පෙළක් විකාශය වුණාලු. 

ඒත් එක්ක ඒ පෞද්ගලික රෑපවාහානී නාලිකාවට එක්තරා චිත්‍රපට සංරක්ෂකයෙක්යැයි කියා ගන්නා කෙනෙක් දිගටම කොල් කරනවලු.

“ඔය දැන් යන සින්දුවේ අයිතිය තියෙන්නෙ මට. ඒක දැන්ම නවත්තන්න. නැත්නම් මම කෝටියක් වන්දි ඉල්ලලා නඩුවක් දානවා." ඔහු තර්ජනය කරනවලු.
“මහත්තයා එහෙම කරන්න බැහැනෙ. මේක සජීව වැඩසටහනක්නෙ. අනික මේ ප්‍රවීණ රංගන ශිල්පිනියක්නෙ." වැඩසටහන් නිෂ්පාදකවරයා ඔහුට කිව්වලු.
“එහෙනම් ඒ සින්දුව පෙන්නනවට මට රැපියල් 20,000/- ගෙවන්නකෝ. ඔහු ගත් කටටම කිව්වලු.

 

DESHAYA