අනේ මගේ බඩ නැතිවෙලා
ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ කලක් රංගනයෙන් දායක වූ එක්තරා නිළියකට කාලෙක ඉඳලා ලොකු ප්‍රශ්නයක් තිබුණා. ඒ තමයි එයාගෙ ලොකු බඩ.
තෙල් කෑම, පැණිරස කෑම කොච්චර නොකා හිටියත් බඩනම් අඩුවෙන්නෙ නැහැ. මෙයා ඉතින් දන්න කියන හැමදෙනකුටම මේ ගැන කිය කිය දුක්වෙනවලු.
ඔහොම දවසක් ඉන්නකොට එයාට හොඳ ආරංචියක් ලැබෙනවා. තරබාරැකම, බඩ අඩුකරන හොඳ වෙදනෝනා කෙනෙක් ඉන්නවලු ගම්පහ පැත්තෙ. එතනට ගිහින් මෙයා මාස දෙකක් විතර කසාය, පෙති, කුඩු වර්ග බීලා බඩ හොඳටම අඩුකරගත්තලු.
දැන් එයාගෙ මහත්තයට හැමදාම උදේට අහන්න වෙන්නෙ මේ වගේ කතාවක්ලු.
"මටනම් විශ්වාස කරන්නත් බැහැ මගේ බඩ අඩුවෙච්ච විදිහ. කෝ අනේ මගේ බඩ නැහැනෙ..."
"ඔයාට ඕනෙ නැතිවෙච්ච බඩ හොයාගන්න නම් පොලිස් බල්ලො ටිකක් දාලා හොයමු," සැමියා කිව්වලු.