අනේ අයියේ වචනයක් දෙන්නකො
කළුතර දිස්ත්‍රික්කයේ එක්තරා ගමක මේ දිනවල රෑපගත කෙරෙන අලුත් ටෙලි නාට්‍යයකට සම්බන්ධ අපූරැ සිදුවීමක් ගැනයි මේ කියන්න යන්නෙ.
නව පරපුරේ ජනප්‍රිය නිළියක් පිටපත් රචකයාගේ පස්සෙන් යනවලු, ‘අනේ අයියේ මට වචනයක් දෙන්නකො...’ කිය කියා.
ඇයට ඒකේ බරපතළකම නොතේරැණාට අවට ඉන්න හැමෝටම හිනාලු. බැලින්නම් මේකයි වෙලා තියෙන්නෙ. තිර පිටපතේ ඇගේ දෙබස් ඛණ්ඩයක වචනයක් තියෙනවා හරියට උච්චාරණය කරගන්න බැරි. ඒ වචනෙ නිසා ‘ටේක්’ කීපයක් නැවත ගන්න වුණා. ඒත් හරි ගියෙ නැහැ.
කෑම විවේකයේදී පිටපත් රචකයාට කියලා ඒ වචනෙ වෙනුවට වෙනත් වචනයක් ඉල්ලගන්න කියලා අධ්‍යක්ෂකවරයා මේ නිළියට කියලා. ඉතින් මෙයත් ඔහුට පෙරුත්ත කරනවා, “අනේ අයියේ මට වචනයක් දෙන්නකො...” කියලා.