අධ්‍යක්ෂකට පැන්නෙ මල්වල හොඳම එකලු
අපේ රටේ රංගනය හරිහැටි හදාරන්න පාසල් නැති නිසා අපේ කලා ක්ෂේත්රවලට දැන් ගොඩාක්ම එකතු වෙන්නෙ ඇහින්දාස්ලා. ඒත් රඟපාන්න උණ තියෙන කට්ටිය නම් කොහේ හරි දන්න දන්න තැන්වලට ගිහින් රංගනය ඉගෙන ගන්නවා. ගොඩාක් වෙලාවට එවැනි තැන්වල උගන්වන්නෙ නළු නිළියොම තමයි.
ඔන්න ඒ වගේ තැනකින් රංගනය ඉගෙන ගත්තු අලුත් නංගි කෙනෙක් ටෙලිනාට්‍යයක රඟපාන්න ආවලු.
එයාගෙ මුල්ම දර්ශනය ගැන අධ්‍යක්ෂකවරයා කරැණු පැහැදිලි කරලා දුන්නලු.
‘දැන් මෙහෙමයි නංගි. ඔයා ඉස්පිරිතාලෙට යනවා අසනීපෙන් ඉන්න තාත්තව බලන්න. ඔයා ගිහින් ගෙදර එනකොට අක්කා ඉන්නවා දොරකඩ ළඟ. එයා අහනවා තාත්තට කොහොමද කියලා. එතකොට තමයි ඔයා කියන්නෙ ‘තාත්තා නැතිවුණා අක්කේ’ කියලා.’