අඩිය ගැලවුණා පුටුවෙ ඇලවුණා
එක්තරා ටෙලිනාට්‍යයක මුහුරත් උළෙලක් කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක පහුගිය දවසක පැවතුණා. මෙහි ප්‍රධාන භූමිකාව නිරූපණය කරන නිළිය මුහුරත් උළෙලට එන අතරතුර පොඩි අකරතැබ්බයකට මුහුණ දීලා. පොඩි කිව්වට පොඩි අකරතැබ්බයකුත් නොවෙයි. ඇගේ සාරියට ගැළපෙන සෙරෙප්පු ජෝඩුවෙන් එකක අඩිය එහෙම පිටින්ම ගැලවිලා. ඇවිදින කොට පට පට ගාලා සද්දෙකුත් ආවලු.
මුහුරත් උළෙල පවත්වන හෝටලය අසල තිබෙන සපත්තු කඩේකට ගොස් මේක අලවා ගත්තලු. ගම් එක ගහලා විනාඩි 15ක් විස්සක් ඉන්න ඕනෙලු ඇලවෙන්න. ඒත් නැකතට වෙලාව ළංවෙන නිසා ඇය එවෙලේම අඩිය අලවලා ඇවිත් ශාලාවේ වාඩිවුණාලු. ඔන්න විනාඩියක් යනකොට ආයෙත් අඩිය ගැලවිලා.
දැන් නැකතට පහන් දල්වන වෙලාවත් ආවලු. නිවේදකයා මේ නිළියගේ නමත් කියලා පොල්තෙල් පහන දල්වන්න කතා කරනවලු. මොකෝ මෙයා පුටුවට ඇලවිලාද? නිවේදකයා ඇහුවලු.
සෙරෙප්පුව නැතුව එතනට යන්න බැරි නිසා ඇය පුටුවෙම වාඩිවෙලා හිටියලු.