අකුරු මැකී නෑ, කොළ ගැලවී නෑ, සංසාරේ අපි එකට ඉමු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2016-07-30-ent-01කලාවට සම්බන්ධ දෙතුන් දෙනෙක් එකතුවෙලා චිත්‍රපට පෝස්ටර් ගහන ව්‍යාපාරයක් ආරම්භ කළාලු. මේ ව්‍යාපාරයේ ප්‍රචාරණ කටයුතු ගැන කතා කරන්න දක්ෂ දැන්වීම් නිර්මාණ ශිල්පියෙක් එක්ක මේකෙ ප්‍රධාන කට්ටිය පොඩි සාකච්ඡාවක් පැවැත්වුවාලු. "අපිට ඕනෙ මේකට හොඳ SLOGAN එකක්, නැත්තම් හොඳ වෙළෙඳ පාඨයක්. මිනිස්සුන්ට මතකයෙ රැඳෙන එකක් වෙන්න ඕනෙ." "අපි මේ පොස්ටර් මුද්‍රණය කරන්න පාවිච්චි කරන්නෙ ලෝකෙ තියෙන ඉස්තරම්ම තීන්ත වර්ගයක්. ඒ නිසා ඒවා අව්වට වැස්සට හොඳට ඔරොත්තු දෙනවා." සමාගමේ ලොක්කා කිව්වලු. "පෝස්ටර් අකුරුවලට ඔය හැටි වගකීමක් දෙනවනම් අපි යටින් දාමු "අකුරු මැකී නෑ" කියලා වෙළෙඳ පාඨයක්," දැන්වීම් නිර්මාණකරුවා කිව්වලු.

"නියමයි. අනික අපි පෝස්ටර් අලවන්න කොන්ත්‍රාත්තුවත් භාර ගන්නවා. අපි අලවන පෝස්ටර්වලට උඩින් වෙන කාටවත් අලවන්න, ගලවන්න ඉඩ තියන්නෙ නැහැ. ඒවා කරන්න බැරි විදිහට ඒ අවට විශේෂ කණ්ඩායම් යොදවනවා," ඔහු කිව්වා.

"හා එහෙමනම් අපි දාමු "අකුරු මැකී නෑ කොළ ගැලවී නෑ" කියලා නිර්මාණ ශිල්පියා කිව්වලු. "බොහොම හොඳ යෝජනාවක් ඒක. බේකරි තුනක් අයිති මගේ යාළුවෙක් ඉන්නවා මොරටුව පැත්තෙ. එයා තමයි ඒ පළාතෙ හොඳම, රසම ඩබල් බනිස් (ජෝඩු බනිස්) හදන්නෙ. එයාගෙ බනිස් බිස්නස් එකටත් හොඳ වෙළෙඳ පාඨයක් හොයනවා මල්ලි," ලොක්කා කිව්ව ගමන් අර ශිල්පියා ක්ෂණිකව උත්තර දුන්නලු.

"අයියෝ සුලු දෙයක්නෙ. ජෝඩු බනිස් නේද? ඒකට දාමු "සංසාරේ අපි එකට ඉමු" කියලා."

 

DESHAYA