Don’t Touch කීයද?
මේ කතාව ළඟදි චිත්‍රපටයකට දර්ශන තල හොයාගෙන ගිය කණ්ඩායමකට සිදුවුණ අකරතැබ්බයක් ගැනයි. උඩරට පැත්තෙ ලස්සන දර්ශන තියෙන පැති හොයාගෙන මේ ගොල්ලන්ට එක්තරා ගමක නැවුම් පළතුරැ වර්ග විකුණන කඩයක් හම්බවෙලා.
පළතුරැ විකුණන්නෙ වයසක අම්මා කෙනෙක්. එයා ගාව විකුණන්න තිබුණු පළතුරු අතර හොඳට ඉදුණු උගුරුස්ස ගෙඩිත් තිබුණලු. උගුරුස්ස ගොඩ ළඟම ‘Don’t Touch’ කියලා බෝඩ් එකක් ගහලා තිබුණලු.
මේ කණ්ඩායමේ හිටිය එක්කෙනෙක් අර අම්මගෙන් ඇහුවලු Don’t Touch කීයද කියලා.
“මොකා... එහෙම පළතුරක් නැහැනෙ මෙතන.”
“ඇයි අම්මෙ මේ තියෙන්නෙ” කියලා ඔහු උගුරුස්ස ගෙඩියක් පෙන්නුවලු.
“ආනේ මේ උගුරුස්සනෙ පුතේ. අපේ පුතා ඊයෙ මේ බොඩ් ලෑල්ල ගැහුවා හැමෝම ඇවිත් මේවා තලලා පොඩි පට්ටම් කරන නිසා.”