වීරවර්ණ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20160321-ent-48

රටක් භෞතික වශයෙන් කොතරම් දියණු වුවත් අනාගතය පිළිබඳ අපගේ දැක්ම හැඩගස්වන්නේ සංස්කෘතියයි. සංස්කෘතිමය මූලයන්ගෙන් තොර සමාජය වියවුලෙන් වියවුලට පත් වෙයි. සංස්කෘතික, අධ්‍යාත්මික, සදාචාරාත්මක වශයෙන් ළමා පරපුර, යෞවන යෞවනියන් ඇතුළු සමස්ත ජන සමාජය සංවර්ධනය විය යුතුයි. කුඩා දරු දැරියන්ගෙත් යෞවන යෞවනියන්ගෙත් බුද්ධිය, පෞරුෂත්වය, රසඥතාව වර්ධනය කිරීම සඳහා ගුණාත්මකව, කලාත්මකව, සදාචාරාත්මකව, විනෝදාස්වාදය උසස් මට්ටමකට ගෙන ඒම ජාතික යුතුකමක් සේ සළකා, ජාතික යොවුන් සේනාංකයේ සහයෝගයෙන් වීරවර්ණ චිත‍්‍රපට නිර්මාණය විය.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් වීරවර්ණ චිත‍්‍රපටිය නරඹා රටේ සමස්ථ ජනතාවම නැරඹිය යුතු සිනමා නිර්මාණයක් බවට වීරවර්ණ චිත‍්‍රපටය අගය කර සහතික කර ඇත.

 

වීරවර්ණ කථා සාරංශය

1813 වර්ෂයේ මහ බි‍්‍රතාන්‍යය යටත් විජිත සමයයි. එම කාලයේදී මහා බි‍්‍රතාන්‍යය ශ‍්‍රිලංකාවේ මුහුදු බඩ පළාත් පාලනය කරමින් සිටි සමයයි. මේ අතරතුර 1813 ජනවාරි 29දා මහා බි‍්‍රතාන්‍යයේ ස්පීඩ්හෙඩ් වරායෙන් එච්.එම්.එස්. ඩෙඩ්ලස් නැව පිටත් වෙනවා. මේ නැවේ ආරක්‍ෂාවට තවත් නැවක් එනවා. ඒ ‘නැගෙනහිර ඉන්දියා කොන්වෝයි” මේ නැව් දෙක කෙළින්ම එන්නේ ලංකාවේ ගාලූ වරායට” දිනය හරියටම 1813 ජූලි 01 වැනිදා. නැව් දෙකම ගාලූ වරායට පැමිණි විගසම වරායේ කළින් සුදානම් කර තිබූ වටිනා බඩු තොගයක් එච්.එම්.එස්. ඩෙඩ්ලස් නැවට පටවනවා. ඒ බඩු අතර සිංහල දේශයේ රජවරු පරම්පරාවෙන් ආරක්‍ෂා කරපු මැණික් පෙටිටියක් ද තිබුණා. මැණික් පෙට්ටිය ගැන අවධානයෙන් හිටපු දක්‍ෂ අංගම්පොර සටන් ශුරයකු වූ ටිකිරි බණ්ඩාර කාටත් හොරා එච්.එම්.එස්. ඩෙඩ්ලස් නැවට නගිනවා. බඩු පටවා අවසන් වුණා වහාම නැව් දෙක වරායෙන් පිටවෙනවා.

එහෙත් මැණික් පෙට්ටිය පටවාගත් එච්.එම්.එස්. ඩෙඩ්ලස් නෞකාවට වැඩි දුරක් යන්න ලැබෙන්නේ නැහැ. ශ‍්‍රී ලංකාවේ මුහුදේ දෙවුන්දර තුඩුව පසුකරනවාත් සමඟම කුඩා රාවණා කොටුවේ ගල්පරවල වැදී එච්.එම්.එස්. ඩෙඩ්ලස් නැව ගිලෙන්න පටන් ගත්තා. මේ කලබලය අස්සේ හොරෙන් නැවට නැග්ග ටිකිරි බණ්ඩාර මැණික් පෙට්ටියත් රැගෙන ගොඩට පීනුවා. පසුව මැණික් පෙට්ටියත් එක්කම ටිකිරි බණ්ඩාර අතුරුදන් වුණා. වර්තමානයේ දී මෙම සිද්ධිය නැවත කරලියට පැමිණෙන්නේ ගාල්ලේ පදිංචි 18 හැවැරිදි සුරියසිංහ, සංඛ හා අයේෂා යන මිතුරන් පිරිස පළාතේ පුරාවස්තු මංකොල්ලකරුවන්ගෙන් ආරක්‍ෂා කර ගැනීමට සටන් වැදීමත් සමගය.

මේ අතර 1813 දී අතුරුදහන් වූ මැණික් පෙට්ටිය තිබෙන ස්ථානයක් ගැන විනෝදෙට පුරාවස්තු මංකෙල්ලකමින් ඒවා එකතු කරමින් සිටින මහා ධනවතෙක් වූ අයිවන් සල්ගාදුට දැනගන්නට ලැබෙයි.

සූරියසිංහත් සල්ගාදුත් අතර මාරාන්තික ගැටුම් ඇතිවෙයි. ඒ අතරට සූරියසිංහගේ කුඩා මල්ලිද මැදිවෙයි. සල්ගාදු සූරියසිංහගේ සීයා පැහරගෙන යයි. සූරියසිංහ සහ ඔහුගේ මිත‍්‍රයින්ට නිතර උදව් කරන්න පැමිණෙන පුරා විද්‍යාඥ ප‍්‍රසාද් මඩුගල්ලට අතිශය භයංකාර සිද්ධිවලට මුහුණ දීමට සිදුවෙයි. මේ අතර සල්ගාදුගේ මැරයින් අයේෂා සහ සංඛ මුහුදේ ගිල්වන්නට පැහරගෙන යයි. ඔවුන්ගේ ඉරණම කුමක් වෙයි ද? මන්නාරම පාලූ, ගරා වැටුණු බංගලාවක මැණික් පෙට්ටිය සගවා තිබුණේ ද ? එය සදාකාලික රහසක් ද ? මැණික් පෙට්ටිය සුරියසිංහට බේරා ගැනීමට හැකි වෙයි ද? සල්ගාදුට මැණික් පෙට්ටිය ලබා ගත්තා ද?

 

මේ සියල්ල විසඳා ගැනීමට ප‍්‍රදර්ශනය වන ”වීරවර්ණ” චිත‍්‍රපටිය නැරඹිය යුතුවෙයි

 

20160321-ent-22
20160321-ent-23
20160321-ent-24
20160321-ent-25
20160321-ent-26
20160321-ent-27
20160321-ent-28
20160321-ent-29
20160321-ent-30
20160321-ent-31
20160321-ent-32
20160321-ent-33
20160321-ent-34  
20160321-ent-36
20160321-ent-37
20160321-ent-38
20160321-ent-39
20160321-ent-40
20160321-ent-41
20160321-ent-42
20160321-ent-43
20160321-ent-44
20160321-ent-45
20160321-ent-46
20160321-ent-47  
20160321-ent-49
20160321-ent-50

 

related-ARTICAL