පාටක් නැති පිස්සු වැස්ස සින්ඩ්‍රොල්ලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

F-(281)

ප්‍රේමය කියැවීමකි. එහෙත් ඒ කියවීමේ රීතියට, විලාසයට හෝ ස්වභාවයට නිශ්චිතයක් නැත. එය කියවන්නාට හා ඒ කියවීම අසා සිටින්නාට රිසි පරිදි කියැවිය හැකි විඳිය හැකි නිශ්චිත උපමාරෑපක අලංකරණ කිසිවක් නැති නිදහස් කියැවීමකි.


එහෙත් ප්‍රේමය සිනමා කෘතියක මූලික තේමාව වූ විට එයට යම් ආකර්ෂණීය පැහැයක් තිබිය යුතුය. කියවනවිට අසාගෙන සිටින්නාට අසනගමන් නැවත කියවන්නට සිතෙන, වින්දනයේ පත්ලට ගිලී යා හැකි, මන නන්දනීය භාවාතිශය රිද්මයක් එහි අන්තර්ගත විය යුතුය. රොමාන්තික භාවය මෙන්ම යථාර්ථයෙන් බැහැර නොවන ගුණයද එහි කැටි වී තිබිය යුතුය.


ඕනෑම ආකාරයේ සිනමා කෘතියක් කරන්නට නිෂ්පාදකවරයාට හෝ අධ්‍යක්‍ෂවරයාට නිදහස ඇතත් සිනමා කෘතියක් නිර්මාණය කරන්නේ රසිකයන් පිනවීම හා වෙළෙඳපොළ යන පරමාර්ථ මූලික කරගෙනනම් ඒ ගනුදෙනුව තුළදී පෙරකී නිදහසට යම් යම් කොන්දේසි පනවා ගැනීම අත්‍යවශ්‍යයෙන්ම විය යුතුය. මක්නිසාදයත් මේ ප්‍රේමය ය, මේ ප්‍රේමයේ රොමාන්තික බවය යනුවෙන් කියමින් සරැංගල් ප්‍රේම කතා අපූරැ චිත්‍රපට ලෙස හුවා දක්වමින් ප්‍රේක්‍ෂක දන මත ඉදිරියේ දිග හැරීමට නිෂ්පාදකවරැන්ට අධ්‍යක්‍ෂකවරැන්ට හෝ අදාළ කාට කාට හෝ සදාචාරාත්මක අයිතියක් නැති හෙයිනි.


ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද තමන් හඳුන්වා දෙන්නේ ජාතික හා ජාත්‍යන්තර සම්මාන රුසකින් පිදුම් ලද සම්මානනීය සිනමාවේදිනියක් ලෙසය. ඇගේ දෙවන සිනමා කෘතිය වන සින්ඩ්‍රෙල්ලා යනු ඇය කියන ආකාරයට මසාල සම්ප්‍රදාය වෙනසකට පරිවර්තනය කිරීමේ අරමුණින් වාණිජ සිනමා රුල්ලෙන් බැහැරව නිර්මාණය කළ සියයට සීයක්ම ප්‍රේමය තේමාකරගත් සැහැල්ලු හා දඟකාර නූතන තාරැණ්‍යය ඉලක්ක කරගත් චිත්‍රපටයකි. එහෙත් ඉනෝකා සින්ඩ්‍රෙල්ලා තුළ කර ඇත්තේ මසාල සම්ප්‍රදාය වෙනස් කිරීම නොව ප්‍රේමය අරමුණු විරහිත අතිශය බොළඳ අමු මසාලයක් බවට පත් කරගත් වරෙක මෝඩ පහේ දෙබස් දොඩන ප්‍රේමවන්තයෙක් හා දහසයේ දහඅෙට් පෙම්වතියක් බවට බලහත්කාරයෙන් පත්වන්නට හදන විකාරරෑපී පෙම්වතියක් අළලා එහෙන් මෙහෙන් ගෙත්තම් කළ එහෙටත් නැති මෙහෙටත් නැති ප්‍රේම කතාවක් ඔහේ දිගහැර දැමීමකි.


මේ පෙම්වතාගේත් පෙම්වතියගේත් චරිත නිරෑපණය කරන්නේ අකලංක ගනේගම සහ උපේක්‍ෂා ස්වර්ණමාලිය. අකලංකගේ සමීපතම මිතුරන් දෙදෙනාගේ චරිත නිරෑපණය කරන්නේ පුබුදු චතුරංග හා ඉන්ද්‍රචාපා ලියනගේය. මේ තරැණයන් තිදෙනාම උසස් අධ්‍යාපනයක් ලද තරැණයන් වන නමුත් බොහෝ අවස්ථාවලදී ඔවුන් තුළින් ඉස්මතු වන්නේ දඟකාර යොවුන් බවක් බලෙන් ආරෑඪකර ගන්නට වෙහෙසෙන, එසේ වෙහෙසෙමින් තමන් කෙළිලොල් යෞවනයන් යැයි ඒත්තූ ගන්වන්නට උත්සාහ කරන තරැණයන්ගේ ස්වරෑපයකි.


එමෙන්ම සින්ඩ්‍රෙල්ලාහි බොහෝ සිදුවීම් යථාර්ථවාදී සිනමාරෑපී බවක් දරන්නේද නැත. ඉසංකා (උපේක්‍ෂා ස්වර්ණමාලි) කලන්තය දමන අවස්ථාව, ඒ අවස්ථාවේ අකලංකගේ පැමිණීම, චිත්‍රපටය අවසන් භාගයේ අකලංක හා ඉසංකා කාමරයේ සිටියදී අකලංකට හෝටල් කාමරයේ දුරකතනයට එන මිතුරන්ගේ ඇමතුම වැනි දර්ශන ඊට උදාහරණ දෙකක් පමණි. එමෙන්ම බොහෝ දෙබස් මෙන්ම අකලංකගේ කටහඬද දියාරැ කෘත්‍රිම බවකින් යුක්තය. 


ඉසංකා ෙක ෙර් අකලංකගේ සිෙත් මෝදුවන ප්‍රේමය වරෙක මිත්‍රත්වයක් ලෙසින් චිත්‍රණය කළත් එය පෙම්වතා කියා ගන්නට බැරැව දඟලන ප්‍රේමයකි. පිරිමියකු තුළ ගැහැනියක දකින්නට ප්‍රිය කරන පෞරැෂත්වය සින්ඩ්‍රෙල්ලා පෙම්වතාගේ චරිතය තුළින් අහකට විසිකර ඔහු බොළඳ පෙම්බස් දොඩන වැනෙන කශේරැකාවක් සහිත පෙම්වතකු බවට පත්කර ඇත.


ඉසංකා මරණීය අවදානමක් සහිත රෝගයකින් පෙළෙන්නියක බව ඉනෝකා සත්‍යාංගනී සින්ඩ්‍රෙල්ලා චිත්‍රපටය තුළ කිහිප අවස්ථාවකදී හඟවන්නට උත්සාහ කරයි. මෑතකාලීන සෙසු නිර්මාණ හා සසඳද්දී මෙය සුලබ ප්‍රස්තුතයකි. පෙම්වතිය පිළිකාවකින් පෙලීම, ඇය ආදරය නිසා එය සඟවාගෙන සිටීම, අවසානයේ මිය යාම, නවකතාවල, මියුසික් වීඩියෝවල හා චිත්‍රපටවල ප්‍රේක්‍ෂකයන් නිතර දැක ඇති දෙයකි. ඉසංකාද එවැනි ඉරණමක හිමිකාරිනියකදෝයි යන සැකය මතුවන අවස්ථා කිහිපයක්ම සින්ඩ්‍රෙල්ලා තුළදී දැකිය හැකිය. ඒ ඇතැම් සිදුවීම් අභව්‍ය වෙයි.


සින්ඩ්‍රෙල්ලා චිත්‍රපටයේ දිය යට රඟන දර්ශනය චිත්‍රපටයට අලංකාරයක් එක්කිරීමේ පරමාර්ථයෙන් බලෙන් ඔබ්බවනු ලැබූ දර්ශනයක් සේ පෙනෙයි. ඒ එහි අවස්ථා සම්බන්ධයක් ඒ දර්ශනවලට පෙර හෝ පසු දකින්නට නැති හෙයිනි.


චිත්‍රපටයේ අවසාන අවස්ථාවේදී මේ පෙම්වතා කරන්නේ අද පරම්පරාවේ පෙම්වතුන් කිසි විටෙකත් නොකරන පෙම් සැමරැවකි. එනම් පෙම්වතිය කාමරයට ගෙන්වාගෙන ඔවුන් හමුවී සත්දවසක් ගතවීමේ සතුට කේක් ගෙඩියක් කපා සැමරීමයි. ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයයි යන්න සංකල්පනාත්මකව සුන්දර වුවද ප්‍රායෝගිකව එය හුදු සංකල්පයක්ම පමණි. මේ පෙම්වතා පළමුවරට තම පෙම්වතිය හා රමණයකට සූදානම් වන්නේ කේක් කා ඇය සමඟ රංගනයකද යෙදීමෙන් අනතුරැවය. එසේ රමණයට සූදානම් වන මොහොතේදී ඉසංකාගේ මුහුණින් මතුවන්නේ ආදරය අනුරාගය කැටි වූ දිලිහෙන තෙත් වූ ඇස් ඇති ශාංගාරාත්මක පෙනුමක් නොව බලහත්කාරයෙන් රමණය වෙත දක්වාගෙන යනු ලබද්දී ඇතිවන්නා වූ තැතිගත් අපුල ස්වභාවයකි. එය තාරැණ්‍යයේ සුන්දරත්වය හා පැහැය පිළිබඳ පිළිබිඹුවක් හෝ සංකේතයක් නොවේ.


පෙම්වතාත්, පෙම්වතියක් රමණයේ යෙදුනාය යන පණිවුඩය, ඔවුන්ගේ අනුරාග ගින්න සංසිඳුවා ගත්තේය යන පණිවුඩය කාමරයේ දැල්වූ රතු ඉටිපන්දම් නිවීයාම තුළින් සංකේතාත්මකව පවසමින් සින්ඩ්‍රෙල්ලා සමාප්තිය දක්වයි. ඒ දෙවැනි කොටස තෙක්ය.


ඉනෝකා සත්‍යාංගනී කියන්නට හදන පරමාදර්ශී ප්‍රේමය කුමක්දැයි යන පැනය සමඟින් ප්‍රේක්‍ෂකයන් පුටුවෙන් නැගිට වෙන්නේ සුන්දර ස්ථාන කිහිපයක දසුන් පෙළක් හැරෙන්නට සින්ඩ්‍රෙල්ලා තුළින් දුටු අන් යමක් නැත යන හිස් සිතුවිල්ලද සමඟය.


 - විමුක්ති - 

 

1-Cindrella

F-(6)-1

F-(180)  

F-(491)

F-(600)