නෙළුම් පොකුණ ලස්සන කළ ටිඈන්ජින් හංසවිල
උසස් ගණයේ බැලේ නර්තන ප‍්‍රසංගයක් මෙරටදී නැරඹීමට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. ඒ අපූරු අවස්ථාව මෙරට චීන සංස්කෘතික මධ්‍යස්ථානය විසින්
පසුගියදා අවකාශය සලසා තිබිණි. මෙරට මහජන චීන තානාපති අංශයේ සහයෝගය ඇතිව චීන සංස්කෘතික මධ්‍යස්ථානය සහ ටිඈන්ජින් ප‍්‍රාන්තයේ ස්ථාපිත සංස්කෘතික පරිපාලන මධ්‍යස්ථානය සහ ගුවන්විදුලිය මෙන්ම රූපවාහිනිය විසින් සංවිධානය කොට තිබූ මෙම අපූරු බැලේ ප‍්‍රසංගයට ටිඈන්ජින්හි ගායන හා නර්තන බැලේ ප‍්‍රාසාංගික කණ්ඩායමේ ශිල්පීන් සහ ශිල්පිනියන් සහභාගි වූහ. ලෝ ප‍්‍රකට ස්වෝන්ලේක් (හංසවිල) ඇතුළු තවත් තේමා රැුගත් බැලේ ප‍්‍රාසාංගික ඉසව්වලින් මේ මොහොත විචිත‍්‍රවත් විය. කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රංග ශාලාවේදී පැවැති එම අපූරු බැලේ ප‍්‍රසංගයේ සොඳුරු ඡුායාරූප කීපයකි මේ.
ස්තුතිය - ශ්‍රී ලංකා - චීන ජනමාධ්‍ය එකමුතුවේ කුල ශ්‍රී කාරියවසම්.