'ධරණි'



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2016-09-07-ent-20

ශාන්ති දිසානායක කතාවට පණ පොවන සරත් ධර්මසිරිගේ තිර රචනයෙන් හැඩවුණු නිරෝෂන් ඉලේපෙරුම අධ්‍යක්ෂණය කරන ‘‘ධරණි’’ ටෙලි නාට්‍යයෙන් කියැවෙන්නේ වකුගඩු රෝගයෙන් තමන්ගේ සැමියා මිය ගිය පසු තමන්ගේ පුංචි පුතා සමග ජීවත්වීමේ අරගලයකට සහ විවිධ දුක් කම්කටොලූවලට මුහුණ දෙන දිරිය කාන්තාවක් පිළිබඳවයි. සැමියා තමාට අහිමි වුණේ රසායනික පොහොර වැඩිපුර යෙදු වගාවන්වලින් ගත් ආහාරවලින් නිසා මාලතීගේ අරමුණ කාබනික පොහොර යෙදු වස විස නැති ආහාර රටාවක් ගොඩනැගීම.

"ධරණි"මේ දිනවල එප්පාවල, මහඉලූක්පල්ලම තඹුත්තේගම, නල්ලමුදාව, හත යාය දහය වැනි රජරට පළාතේ බොහෝ තැන්වලදී රූගතකිරීම් සිදුකෙරනවා. 

කෘෂිකර්ම අමාත්‍යංශයේ අනුග‍්‍රහය ඇතිව වර්තමානයේ තිබෙන ටෙලි නාට්‍ය කලාවට අභියෝගයක් වෙමින් නිර්මාණය කෙරෙන ‘‘ධරණි’’ සඳහා උමයංගනා, බුද්ධික ඇතුළු උද්දික පේ‍්‍රමරත්න, නිල්මිණි බුවනෙක, එරංග ජීවන්ත, ධර්මප‍්‍රිය ඩයස්, දයාදේව එදිරිසිංහ, මල්කුමාරි ගීතරානි, මාලී ජයවීරගේ, නෙතු ප‍්‍රියංගිකා, අසංක විජේරත්න, මනීෂා නාමල්ගම, ශාලිකා එදිරිසිංහ, සුදර්ශන බණ්ඩාර, මංජු මුදලිගේ වගේ නළු නිළියෝ රාශියක් දායක වී සිටිනවා. ඇඳුම් නිර්මාණයෙන් ගීතානි සෙනෙවිරත්නත්, සංගීතයෙන් නදීක ගුරුගේත්, සහය අධ්‍යක්ෂණයෙන් ජයන්ත අබේරත්නත් ‘‘ධරණි’’ හැඩ කරන සෙසු පිරිසයි.  

ඉදිරියේදී පේ‍්‍රක්ෂකයාට පුංචි තිරයෙන් ‘‘ධරණි’’ ටෙලිනාට්‍යය දැකබලාගැනීමට හැකිවේ.

 

2016-09-07-ent-17
2016-09-07-ent-18
2016-09-07-ent-19
 
2016-09-07-ent-21
2016-09-07-ent-22
2016-09-07-ent-23
2016-09-07-ent-24
2016-09-07-ent-25
2016-09-07-ent-26
2016-09-07-ent-27
2016-09-07-ent-28
2016-09-07-ent-29
2016-09-07-ent-30
2016-09-07-ent-31
2016-09-07-ent-32
2016-09-07-ent-33
2016-09-07-ent-34
2016-09-07-ent-35
2016-09-07-ent-36 2016-09-07-ent-37
2016-09-07-ent-38
2016-09-07-ent-39
2016-09-07-ent-40