මම රංගනයට අත්පොත් තැබුවේ වේදිකාව හරහා
තරුණ පරපුර අතර ජනප්‍රිය වු නවක රංගන ශිල්පිණියකට මෙවර සාරවිට තුළින් අප ඉඩක් වෙන් කළා. ඇය නමින් හිමේෂා දිල්කිය. මේ දිනවල විසේකාරි හා නිකිණි කුසුම් ටෙලි නාට්‍යවල දකින හිමේෂා නුදුරේදීම තවත් බොහෝ කලා නිර්මාණ ඔස්සේ ප්‍රේක්ෂක ඔබට දකින්නට හැකිය.
ඔබ රංගනයට එන්නේ වේදිකාව හරහා..
ඔව්, එහෙම කිව්වොත් හරි. මගේ රංගන ජිවීතයේ ආරම්භය සිද්ධ වෙන්නේ පාසල් වේදිකාව හරහා. මගේ පාසල කුරුණෑගල ශුද්ධ වූ පවුලේ බාලිකා මහා විද්‍යාලය. පාසල් අධ්‍යාපනය නිමා කරලා මම කොළඹ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයට එනවා. පාසල් වේදිකාවේදී ලැබුණ පන්නරයත් එක්ක මම විශ්වවිද්‍යාලය තුළත් රංගනය කියන දේ හදාරනවා.
රංගන ශිල්පිණියක් වෙනවා කියන හීනයක් ඔබට තිබුණාද..
කලාවට සම්බන්ධ වෙලා රංගනයට සම්බන්ධ වෙනවා කියන හීනයක් මට තිබුණේ නැහැ. හැබැයි පාසල් කාලයේ කුමාරි එදිරිසිංහ ගුරුතුමිය මාව උනන්ඳු කළා රඟපාන්න. ඊට පස්සේ තමයි මට වේදිකා නාට්‍යය කරන්න ඕනා කියන උණ හැදුණේ. එතැනින් පටන්ගත්තු ආසාව තමයි කොළඹ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයට ප්‍රවිෂ්ට වෙලා නාට්‍ය කලාව සම්බන්ධ ගෞරව උපාධියක්ද ලබා ගන්නට තරම් හේතුවක් වුණේ. හැබැයි මම අදටත් රංගනය ගැන ඉගෙන ගනිමින් ඉන්නවා. උපාධියක් අරගත්තා කියලා රංගනය කියන දේ හදාරලා ඉවර කරන්න බැහැ. එහි හැමදාම අලුත් දෙයක් තියෙනවා ඉගෙන ගන්න.
මුලින්ම රගපාපු වේදිකා නාට්‍යය මතකද..
සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන ලබද්දි මම වේදිකා නාට්‍යය කිහිපයකට සම්බන්ධ වුණා. ඊට පස්සේ ඇකඩමික් තෙස්පියන් නාට්‍යය උළෙලට මම මගේම මොනලොග් එකක් කළා 138 පිටකොටුව කියලා. නමුත්, වේදිකාව හරහා මාව කතාබහට ලක් වෙන්න ගත්තේ පංචලි විහංගා විසින් ලියා අධ්‍යක්ෂණය කරපු %මායාකාරියෝ^ කියන වේදිකා නාට්‍යය හරහා. ඒ කරපු රංගනය වෙනුවෙන් මට 43 වැනි යෞවන සම්මාන උළලේදී කෙටි නාට්‍ය අංශයේ හොඳම නිළියට හිමි ජූරියේ විශේෂ සම්මානය හිමිවුණේ මට. මේ දිනවල මිනිස්සු අතර මාව කතා බහට ලක්වෙන්නේ බුද්ධික දමයන්තගේ %මට සිහිනයක් ඇත^ කියන වේදිකා නාට්‍ය හරහා.
එතකොට ටෙලි නිර්මාණවලට දායක වෙන්නේ..
මා මුලින්ම කැමරාවක් ඉදිරියේ පෙනී ඉඳිමින් අත්දැකිම් ලබාගන්නේ මහාචාර්ය ආරියරත්න ඇතුගල මහත්මයාගේ %සිසිවන උවන^ කියන ටෙලි නාට්‍යය හරහා. තුෂාර තෙන්නකෝන් මහත්මයාගේ %රාවණා^ තුන්වැනි කොටසේ මම ඉන්නවා. හැබැයි තවමත් එය ප්‍රදර්ශනය වුණේ නැහැ. ඊට පස්සේ, ඔහුගේම %මල් පිපෙන කාලේ^ ටෙලි නාට්‍යයට දායක වුණා. හැබැයි ප්‍රේක්ෂකයින්ගේ ලොකු අවධානයක් මට ඒ හරහා ලබාගන්න බැරිවුණා. හැබැයි තුෂාර තෙන්නකෝන් මහත්මයාගේ අධ්‍යක්ෂණයක් වුණ %නිකිණි කුසුම්^ ටෙලි නාට්‍යයේ චූලාගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් අතරට මට යන්න අවකාශ ලැබුණා. දෙරණ රූපවාහිනි නාළිකාවේ අදටත් මේ ටෙලි නාට්‍යය විකාශය වෙන නිසා ඉහළ රසික ප්‍රතිචාරයක් මට ඒ හරහා දැනටත් ලැබෙමින් පවතිනවා.
මේ දිනවල ඔබ තවත් ටෙලි නිර්මාණවල අපි දකිනවා..
ඔව්, %නිකිණි කුසම්^ ටෙලි නාට්‍යයේ චූලා කියන චරිතයට අමතරව ස්වාධින රූපවාහිනියේ විකාශය වෙන %විසේකාරි^ ටෙලි නාට්‍යයේ දුමි කියන චරිතය හරහාත් මාව දකින්න පුළුවන්. ඒ වගේම ටෙලි නිර්මාණ කිහිපයකම මේ දවස්වල මම වැඩ කරමින් යනවා. ඉදිරියේදී ඒ නිර්මාණ හරහාත් මාව ප්‍රේක්ෂක ඔබට දකින්න පුළුවන් වේවි.
දිගටම කලාවත් සමග රැඳෙන්නද ඔබේ අදහස..
ඔව්, මම අධ්‍යාපනය ලැබුවේ කලා විෂයන් ඔස්සේ. ඉතින් ඒ පැත්තෙන්ම තමා මා ඉදිරියට යායුතු. දැනට මම කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා වැඩ කරනවා. ඒ වගේම ඉදිරියටත් කලා කටයුතුවලට සම්බන්ධ වෙන්න අවස්ථාව මට දැන් ලැබිලා තියෙනවා. ඉතින් මම හිතනවා හොඳ ගමනක් මේ ක්ෂේත්‍රය හරහා යන්න. ඒ වගේම මේ මොහොතේදී මා මතක් කළ යුතුයි මගේ පවුලේ හැමෝම. ඒ අය හැම වෙලාවකදීම මා සමග හිටියා. මාව දිරිගැන්වූවා ධෛර්මත් කළා. හැම බාධාවකදීම ඔවුන් මා රැකගන්න පෙළට හිටියා. ඒ හැමෝටම මගේ ආදරය හා ස්තුතිය මේ මොහොතේදී පුදකර සිටිනවා.
බුද්ධික සේනාධීර
ඡායාරූප - සජිව ලක්ෂාන්