තාම මම මේ ක්ෂේත්‍රය තුළ ස්ථාවරයි කියන්න බැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

විවිධ චරිත ඔස්සේ ටෙලි නිර්මණ කිහිපයකම දැක ඇති දුෂි ප්‍රභා ඉලංගකෝන් සමගින් අද සාරවිට තරු කතා බහා මෙසේ දිගහැරියෙමු. මේ වනවිට ටෙලි නාට්‍යය කිහිපයකටම සම්බන්ධ වී සිටින ඇය සිය අලුත් තොරතුරු අප සමග මෙසේ බෙදා හදාගත්තේය‍

ටෙලි නාට්‍යය කිහිපයකම වැඩ නේද මේ දවස්වල?

ඔව්, මේ දිනවල විකාශය වෙන සුරංග සේනවිරත්න අධ්‍යක්ෂණය කරන කකුලුවෝ සහ මකුළුවෝ මේ දවස් වල විකාශය වෙනවා. එහි මා ඉදිරිපත් කරන චරිතයට ඉහළ රසික ප්‍රතිචාර මේ දිනවල මට ලැබෙමින් පවතිනවා. ඊට අමතරව අධ්‍යක්ෂක සමන් කුමාර මහතාගේ පිච්චමල සුවදයි කියන ටෙලි නාට්‍ය රූගත කිරීම් කරගෙන යනවා. ඒ නිර්මාණය ඉතාම ඉක්මනින් ඔයාලට දකින්න පුළුවන්.

පසුගිය කාලේ දුෂිව අපිට කලා නිර්මාණ හරහා දකින්න නොලැබුණේ ඇයි?

පහුගිය දවස්වල හැමෝටම වගේ මටත් කිසිම වැඩක් නොකර නිවසට වෙලා ඉන්න සිද්ද වුණා රටේ ඇතිවුණ කොවිඩ් වසංගත තත්ත්වය නිසා. ඉතින් නැවතත් රූගත කිරිම් පටන් ගත්තු නිසා කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ගත්ත නිසා නැවතත් කලා කටයුතු එක්ක මේ දවස්වල වැඩ කරනවා. ආරාධනා නම් කිහිපයක් ලැබිලා තියනවා. ඒ අතරේ තියෙන හොද නිර්මාණ වලට ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
 
ෂෙලීනා චිත්‍රපටයෙන් පස්සේ චිත්‍රපටයකට සම්බන්ධ වුණේ නැද්ද?

චිත්‍රපට දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා. තාම ඒවා සාකච්ඡා මට්ටමින් තියෙන්නේ. ඉදිරියේදී ඒ ගැන වැඩි විස්තර කියන්නම්.

රංගන ශිල්පිනියක් විදිහට දැන් ඔබ ස්ථාවරද?

තාම ස්ථාරවයි කියන්න බෑ රංගන ශිල්පිනියක් විදිහට. මම යන්නේ හිමින් ගමනක්. මට හදිසියක් නෑ. මම හොද දේ තෝරගෙන හිමින් මේ ගමන යනවා. ඒතකොට දීර්ඝ කාලයක් මේ ක්ෂේත්‍රයේ රැදිලා ඉන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඒතකොට නිකම්ම මම මේ ක්ෂේත්‍රය තුළ ස්ථාවර වෙයි කියලා.
 
ව්‍යාපාරයක් කරන්න සූදානම් වුණා නේද?

ඔව්, මම ජීම් එකක් පටන් ගන්න සියලුම දේ සූදානම් කරගනිමින් හිටියේ. ඒ සදහා අවශ්‍ය දැනුම ඒ හැමදේම මම එකතු කරගෙන ඉන්නකොට තමා මේ කොව්ඩ් වසංගතය ආවේ. ඒ නිසා ඒක නවත්තන්න සිද්ධ වුණා. අමතර පීඩනයක් ගන්න බැහැ මේ කාලේ ව්‍යපාරයකට අතගහලා. මම හිතන්නේ මේක ඒකට හොද කාලේ නෙවෙයි.

කලා ශිල්පිනියකට ලෙස කටයුතු කරන අතරේ ව්‍යාපාරයකට යොමු වෙන්න කාලය තියෙනවාද?

කොවිඩ් වසංගතය එන්න කලින් නම් මම හිතුවා මට රංගන කටයුතුත් එක්ක ව්‍යාපාරයක් කරන්න බැරිවෙයි කියලා. මොකද මම හැමවෙලේම ජිම් එකේ ඉන්න ඕන නිසා. රූගත කිරිම් වලට ගියොත් ඒ දේවල් මග හැරෙන නිසා ඒත් කොවිඩ් වසංගත තත්ත්වය නිසා රූගත කිරිම් අඩු වුණානේ. ඒ නිසා වෙලාව නම් තියෙනවා. ඒත් දැම්ම මම ඒකට අතගහන්න කැමති නෑ.

මේ ක්ෂේත්‍රය තුළ කලා ශිල්පිනියකට දැන් ආර්ථික වටිනාකමක් ගොඩ නැගිලා තියෙනවද?

මට මගේ වටිනාකමක් තියනවා. ක්ෂේත්‍රය තුළ කාලයත් එක්ක මගේ දක්ෂතාවන් එක්ක හදාගත්ත වටිනා කමක්. ඉතින් මම උත්සාහ කරන්නේ මගේ හැකියාවන් ඔප්නංවාගෙන ඒ වටිනාකම වැඩිකරගන්න. අනිවාර්යයෙන් අපේ රැකියාව මේක නම් අපිට ආර්ථික වටිනාකමක් තියෙන්නම ඕනා. මොකද, අපි මේ රැකියාව කරන්න නම් අපේ පෙනුම වටපිටාව මේ වගේ ගොඩක් දේවල් තියනවා මේන්ටේන් කරන්න ඒවාට සල්ලි ඕන. ඒක හම්බකරන්න වෙන්නේ ඉතින් රඟපැමෙන් තමයි. අපේ වටිනාකම අපි හදාගන්න ඕනා. කැපකිරීම් කරන්න ඕන කාලය මුදල් මේ හැමදේම.

බුද්ධික සේනධීර