අපි හරි තැන හරි විදිහට ඉන්නවා නම් එච්චරයි
හිරු රූපවාහිනි නාලිකාවේ විකාශය වෙන 'රැල්ල වෙරළට ආදරේයි' ටෙලි නාට්‍යය ඇතුළු ටෙලි නාට්‍යය රැසක රංගනයෙන් දායක වූ දිනේෂා රන්දනි රංගන ක්ෂේත්රයට නවකයෙකි. රංගන ශිල්පිණියක් ලෙස කලා ක්ෂේත්රය තුළ දිගු ගමනක් යාමට අපේක්ෂාවෙන් පසුවන ඇය %සාරවිට^ අපි සමග මෙවර තරු කතාබහට එක් වුණේමු.
ඔබ රංගන ශිල්පිනියක්?
ඔව්, මම රංගන ශිල්පිණියක්. හැබැයි මාව නවක රංගන ශිල්පිනියක් හඳුන්වනවට මම කැමතියි. මොකද, මම තවත් රංගනයට ආධුනිකයෙක් හින්දා.
කලා ක්ෂේත්රයට ඔබගේ පිවිසිම සිදු වුණේ?
මහේන්ද්‍ර පෙරේරා ගුරුතුමාගේ ගුරු හරුකම් මැද තමා මම රංගන ක්ෂේත්රයට සම්බන්ධ වුණේ.
දැනට දායක වුණ කලා නිර්මාණ මොනවද?
මේ දිනවල විකාශය වෙන රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්‍යයේ මව දකින්න පුළුවන්. ඊට අමතරව අහස්මාලිගා, වලවෙට්ටුවා, ශැඩෝ ටෙලි නාට්‍යය වලත් මම රංගනයෙන් දායක වුණා. තව වෙළෙඳ දැන්වීම් කිහිපයකත් මම රඟපැවා. දැනට මම නිරූපණ ශිල්පිණියක් විදිහට නිරූපන ක්ෂේත්රය තුළ කටයුතු කරනවා.
රංගන ශිල්පිණියක් වෙන හිනේ මතු වුණේ කොහොමද?
තෙරේන කාලේ ඉදලාම මම කලාවට සම්බන්ධ වුණ කෙනෙක්. මම හිතන විදිහට උපතින්ම මට ඒ දේ උරුම වෙලා තිබුණා කියලා.
පාසල් කාලයේ කලා කටයුතුවලට සම්බන්ධ වුණාද?
පාසල් කාලේ මම සංගීත විෂය තමයි හැදෑරුවේ. නමුත්, නර්තනය, රංග කලාව වගේ දේවල් වලට මම පාසල් කාලයේ සම්බන්ධ වුණා. මගෙ දක්ශතාවයත් එක්ක මට නිසි තැන මගෙ ගුරුවරුන් මට ලබා දුන්නා කියලා මම හිතනවා.
කලා ක්ෂේත්රය හොඳද? නරකද?
කලාකරුවෙක් විදිහට අපි මේ ක්ෂේත්රයට ඇවිත් බලන්න ඕනි මේක මොන වගේ දෙයක්ද කියලා . මට නම් ඇත්තටම කලා ක්ෂේත්රය හොඳ තැනක්. මොකද, මම කලාවට ගොඩක් ආදරේ කරන කෙනෙක්. ඒ වගේම අපි හරි තැන හරි විදිහට ඉන්නවා නම් එච්චරයි. අනික මිනිස්සු නොයෙක් කතා කියයි. එක්කෙනෙක් දෙන්නෙක් කරන වැරදි නිසා මේ කලාවට ලැබිලා තියෙන තැන ගැන මම ගොඩක් පසුතැවෙනවා. මේක සුන්දර දෙයක්. ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ නිසා හරියට මේ ගමන යනවා නම් අපිට කවදාවත් වරදින්නේ නෑ.
රංගන ශිල්පිණියක් විදිහට ඔබ දැන් ස්ථාවරද?
මම තාම මේ ක්ෂේත්රයට ආධුනිකයෙක්. ඉතින් මම තවම මේ ක්ෂේත්රය ගැන ඉගෙන ගන්නවා. ඉතින් මගෙ ගුරුතුමා මහේන්ද්‍ර පෙරේරා සර්ගේ ගුරුහරුකම් හා අවවාද එක්ක මම මේ ගමන හෙමිහිට යනවා.
ඉදිරි ඉලක්ක මොනවද?
මගෙ ගුරුතුමා වගේ හැමෝම ආදරේ කරන චරිතයක් වෙන්න තමයි මට අවශ්‍යයි. ඒ වගේම කලාවෙන් ඉදිරියට ගිහින් දක්ෂ රංගන ශිල්පිනියක් වෙලා ප්‍රේක්ෂකයින්ගේ ආදරණිය චරිතයක් වෙන්න මම කැමතියි.
මතක් කළ යුතු අය?
මගේ අම්මා, තාත්තා, අක්කා, මල්ලි මුලින්ම මතක් කරන්න ඕනි. මොකද, එයාලගේ උදව් නැත්නම් අද මම වගේ කෙනෙක් මේ කලා ක්ෂේත්රය තුළ නැතිවෙන්න තිබුණා. ඊට අමතරව මගේ ගුරුතුමා මහේන්ද්‍ර පෙරේරා සර්. මගේ පාසල ධම්මස්සර ජාතික පාසල මතක් කරන්න ඕනා. ඒ එක්කම මගේ යහළුවන් වගේම නම් කිවු නොකී හැම දෙනාවම ආදරෙන් මේ මෙහොතේදී මතක් කරනවා.
බුද්ධික සේනාධිර