Photo ටිකක් කළාට 'මොඩස්ලා' වෙන්න බැහැ
ගීත රූප රචනා හා වෙළෙඳ දැන්වීම්වල නිතර දුටු මල්ෂා ෂලනි ජයවර්ධන පසුගිය කාලයේ නිරූපණ ක්ෂේත්රය තුළ එතරම් දකින්නට නොලැබුණ නිරූපිකාවකි. සිය අධ්‍යාපන කටයුතු නිසාවෙන් නිරූපණ කටයුතුවලින් තරමක් ඈත්ව සිටි මල්ෂා නැවතත් නිරූපිකාවක් ලෙස කටයුතු කරන්නට මේ දිනවල සූදානමින් සිටියි. ඒ පිළීබඳව හා ඉදිරි වැඩ කටයුතු ගැන ඇය අපිට පැවසුවේ මෙවැන්නකි.
පසුගිය නිරූපණ ක්ෂේත්රය තුළ ඔබව අපි දුටුවේ නැහැ?
ඔව්, මගේ රැකියාව හා අධ්‍යාපන කටයුතු නිසා නිරූපණ කටයුතුවලින් තරමක් ඈත්වෙලා හිටියා. දැන් අධ්‍යාපන කටයුතු අවසන් නිසා ලොකු කාලයක් ඉතිරි වෙලා තියෙනවා. ඒ හින්දා ආයෙත් නිරූපණය පැත්තට යොමු වෙන්න තමයි අදහස් කරමින් ඉන්නේ.
නිරූපණ කටයුතුවලින් ඉවත්වෙලා හිටිය නිසා වැඩ ගොඩක් අතපසු වෙන්න ඇති?
ඔව්, ආපු ගොඩක් වැඩ ප්‍රතික්ෂේප කරන්න වුණා. ඒ අතර හොඳයි කියලා හිතුණ වැඩ කිහිපයකුත් තිබුණා. අන්තිමට කළේ පුවත්පතක් සඳහා කරපු ඡායාරූප කිහිපයක්. ඉදිරියට වැඩ ගොඩක් කරන්න හිතාගෙන ඉන්නවා. ඒ වගේම වැඩ කිහිපයකට සම්බන්ධ වෙන්නත් ආරාධනා ලැබිලා තියෙනවා.
රැකියාවක් කරන අතරතුර නිරූපණ කටයුතුවලට කාලයක් වෙන් කර ගන්නේ කොහොමද?
ඕක නම් ටිකක් අමාරුයි තමා. ඒත්, කරන රැකියාවත් එක්ක නිරූපණ කටයුතුවලට කාලයක් හදාගන්න පුළුවන් කියලා හිතෙනවා. ඒක නිසා තමයි මම ආයෙත් නිරූපණය පැත්තට යොමු වෙන්න හිතුවේ.
නිරූපණය පැත්තට විතරද යොමු වෙන්න කැමති?
දැනට මම ගීත රූප රචනා අටක් කරලා තියෙනවා. ටෙලි නාට්‍යය තුනකට විතර ආරාධනා ලැබුණා. නමුත්, ඒවා කරගන්න බැරි වුණා අධ්‍යාපන කටයුතුයි රැකියාවයි නිසා. නිරූපණ කටයුතු කරන ගමන් ව්‍යාපාරයක් කරන්නත් මගේ අදහසක් තියෙනවා.
කලාව පැත්තට යොමු වෙන්න ලැබුණ එක ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම, ගොඩක් සතුටුයි. මොකද කවදාවත් නිරූපණය පැත්තටක් කලාව පැත්තටත් යොමු වෙන්න හිතාගෙන හිටියේ නැහැ මම. හැමෝටම මේ දේවල් ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම ජනතාවගේ කැමැත්ත. ඒ වගේම තමයි පෝටෝ ටිකක් කළා කියලා නිරූපිකාවක් වෙන්නත් බැහැ. දැන් හැම ගැණු ළමයෙක්ම හිතන්නේ පොටෝ ටික කළ පළියට එයාලා ‘මොඩස්ලා’ කියලා.
නිරූපිකාවකට දැන් තියෙන පිළිගැනීම අඩුද? වැඩිද?
අඩුයි ගොඩක් වෙලාවට. ඒක නැති කරගෙන තියෙන්නේ අපේම අය. මොකද, තමන්ගේ සීමාව ඉක්මවා යනවා. ඒ ඇයි කියලා නම් දන්නේ නැ. ඒත්, එහෙම වුශානම හරියට ඉන්න කෙනාටවත් පිළිගැනීමක් නැහැ.