Miss Sines International USA තරඟාවලියේ මම දෙවන ස්ථානය හිමි කරගත්තා
නිරූපණයට සහ රංගනයට එකතු වීමට බලාපොරොත්තුවෙන් ඉන්න නවක ශිල්පිනියකට අද සාරවිට අපි ඉඩක් වෙන් කරන්න උත්සාහ ගත්තා. ඇය ශලිනි හිමාෂා. ශලිනි සහභාගී වුණු පලමු රූ රැජිනි තරඟාවලියෙන්ම විශාල ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා. ඒ ගැන ශලිනි අපට පැවසුවේ මේ විදිහට.
මගේ නම ශලිනි හිමාෂා. මගේ පදිංචිය පාදුක්කේ. මට ඉන්නේ අම්මයි, අක්කයි, මල්ලියි. මම පහුගියදා නිමා වුණු Miss Sines International USA තරඟාවලියට සහභාගී වුණා.
ඒ තරඟාවලිය ගැන කිව්වොත්?
Miss Sines International USA තරඟාවලියේ මම දෙවන ස්ථානය හිමි කරගත්තා. මේ පැජන්ට් එක අධ්‍යක්ෂණය කළේ කෝසල ප්‍රනාන්දු සහ දේදුණු ප්‍රනාන්දු. එහි උපදේශකවරයා විදිහට කටයුතු කළේ අශෝක සෙනරත් මුදලිගේ. මේ තරඟාවලියේදී මම Best Tv Model ඇතුළු ටයිට්ල් කිහිපයක්ම දිනාගැනීමට හැකිවුණා. මම පැජන්ට් එකකට සහභාගී වුණු පලමු අවස්ථාව තමයි මේ.
පලමු තරඟාවලියෙන්ම ජයග්‍රහණයක් ලැබීම ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම ලොකු සතුටක් තිබෙනවා ලැබුණු ජයග්‍රහණය ගැන. ඇත්තටම ඒකෙදි ලොකු අත්දැකීමක් ලැබුණා. මම පැජන්ට් එකට අයදුම් කළේ අම්මා කියපු නිසා. මට කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ මේ පැජන්ට් එකෙන් දිනයි කියලා. පැජන්ට් එකට උදව් කළේ මගේ පෙම්වතා. ඇත්තටම මේ ලැබුණු ජයග්‍රහණය ගැන හැමෝටම සතුටුයි.
මේ ජයග්‍රහණයත් සමග නිරූපණයට හෝ රංගනයට ආරාධනා ලැබුණේ නැද්ද?
ෆොටෝෂූට්වලට නම් ආරාධනා ලැබුණා. හැබැයි තවම එකකටවත් සම්බන්ධ වුණේ නැහැ. ඉදිරියේදී ඒවාට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තිබෙනවා. නමුත් රංගනයට නම් ආරාධනාවන් තවම ලැබුණේ නැහැ. රංගනයටත් ආරාධනාවක් ලැබෙයි කියලා බලාපොරොත්තුවක් තිබෙනවා.
ඒ කියන්නේ රංගනයට එකතු වෙන්න බලාපොරොත්තුවක් තිබෙනවාද?
ඔව්. රඟපාන්න ආසාවක් තිබෙනවා. ඒ වගේම පොඩි කාලේ ඉඳලාම රඟපාන නිසා අවස්ථාවක් ලැබෙනවාට ආසයි. ඒ පැත්තෙන් ඉදිරියට යන්න තමයි හිතාගෙන ඉන්නේ. මම රඟාපන්න තමයි වැඩියෙන්ම ආසා කරන්නේ. ඊට අමතරව මම රූපලාවන්‍ය පාඨමාලාවක් හදාරලා ඒ පැත්තෙනුත් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. තව රංගනය ගැන පාඨමාලාවකුත් හදාරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
උදව් කළ සහ විශේෂයෙන් මතක් කළ යුතු පිරිසක් ඉන්නවාද?
මුලින්ම මගේ අම්මා, අක්කා සහ මල්ලිව. ඊටපස්සේ මගේ පෙම්වතා පසිඳු, දේදුණු අක්කා, කෝසල අයියා ඇතුළු හැමෝවම මම මතක් කරනවා.
කැළුම් දේවින්ද