Miss british empire කිරුළ දිනූ හෂිනි
මෙවර Miss british empire කිරුළ ජයග්‍රහණය කළ හෂිනිට අපි සාරවිට කතාබහට ආරාධනා කළා. හෂිනි මේ වනවිට නිරූපණ ශිල්පිනියක් ලෙස ක්ෂේත්රයේ වැඩකටයුතු රැසකට සම්බන්ධ වෙලා තියෙනවා. හෂිනිගේ අළුත් විස්තරයි, ජයග්රහණයන් ගැනයි අපට පැවසුවේ මේ විදිහටයි.
ඔබ පිළිබඳව හඳුන්වා දුන්නොත්?
මගේ නම හෂිනි අබේවර්ධන. මම නිරූපණ ශිල්පිනියක් විදිහට ක්ෂේත්රයේ වැඩ කටයුතු කරනවා. මේ වසරේ පැවැත්වුණු Miss british empire රූ රැජින තරඟාවලිය ජයග්‍රහණය කිරීමට මට හැකියාව ලැබුණා.
ක්ෂේත්රයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ කොහොමද?
මම 2017 වසරේදී එක් තරඟාවලියකට අයැදුම් කළා. එහිදී මගේ වයස ප්‍රශ්නයක් වෙලා මට අවසන් දහ දෙනා අතරට එන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඊටපස්සේ මම 2018දි ඩොක්ටර් ප්‍රසාද් දේශප්‍රියගේ පැජන්ට් එකට සහභාගී වුණා. ඒකේ අවසන් පස් දෙනා අතරට ආවා. ඊටපස්සේ තමයි වැඩ කරන්න පටන් ගත්තේ. ඒ විදිහට තමයි ක්ෂේත්රයට එකතු වුණේ.
ලැබුණු ජයග්‍රහණය පිළිබඳව මොකද්ද දැනෙන්නේ?
ඇත්තට ලොකු සතුටක් තියෙන්නේ. කැපවීම සහ උත්සාහය තුළින් තමයි ජයග්‍රහණයක් හිමි වන්නේ.
තරඟාවලිය තුළින් ලැබුණු අත්දැකීම් කොහොමද?
ඩොක්ටර් නුවන්දිකා සිරිවර්ධන විසින් තමයි Miss british empire තරඟාවලිය සංවිධානය කළේ. ඒක හොඳ තරඟාවලියක්. ඇත්තටම පැජන්ට් හරහා අත්දැකීම් රැසක් ලැබුණා. විශේෂයෙන් අපේ රූපය පවත්වාගෙන යන්නේ කොහොමද?, ශරීරය මේන්ටේන් කරන්නේ කොහොමද, නිරූපණ ශිල්පිනියක් විදිහට අපි තැනකදී හැසිරෙන්න ඕනේ කොහොමද වගේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
නිරූපණයෙන් නිර්මාණවලට දායක වෙලා තියෙනවාද?
ඔව්. මියුසික් වීඩියෝ දෙකකට සම්බන්ධ වුණා. තව ෆොටෝෂූට් කිහිපයක් කරලා තියෙනවා.
දිගටම නිරූපණ ක්ෂේත්රයේ ඉන්නද බලාපොරොත්තු වෙන්නේ?
කොහොමත් ඉස්සරහට නිරූපණ ක්ෂේත්රයේ වැඩ කරනවා. තව ව්‍යාපාර කටයුත්තකටත් යොමු වෙන්න මගේ බලාපොරොත්තුවක් තියෙනවා. මේ දවස්වල ඒ වෙනුවෙන් වැඩිපුර කාලය යොදවලා තියෙන්නේ.
ජයග්රහණයෙන් පස්සේ රංගනයට ආරාධනාවන් එහෙම ලැබුණේ නැද්ද?
ඔව්. ආරාධනා කිහිපයක් ලැබිලා තියෙනවා. මම එක ටෙලි නාට්‍යයකටත් මීට පෙර රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඉදිරියේදී ඒ නිර්මාණවලට එකතු වෙනවාද කියලා බලමු.
ජාත්‍යයන්තර තරඟාවලි සඳහා සහභාගි වෙන්න බලාපොරොත්තුවක් නැද්ද?
සහභාගී වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. නමුත් දැන්ම සම්බන්ධ වෙනවාද කියලා තීරණය කරලා නැහැ.
පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනවා. විශේෂයෙන් මගේ අම්මා මට ගොඩක් උදව් කරනවා. එයා තමයි හැමදේකම පිටිපස්සෙන් ඉන්නේ. අම්මාම තමයි පැජන්ට් එකට ඇප්ලයි කරේ. ඊටපස්සේ ඒකේ ලියුම ආවාට පස්සේ ඒක කඩලා බලන්න දුන්නෙත් අම්මාමයි.
පොඩිකාලේ ඉඳලාම හීනයක් තිබුණාද නිරූපණ ශිල්පිනියක් වෙන්න?
නැහැ. මම පොඩි කාලේ ඉඳලාම හිතාගෙන හිටියේ වෛද්‍යවරියක් වෙන්න. මම සාමාන්‍ය පෙළ ඉවර වෙලා උසස් පෙළ කරන කාලෙදි මට හිතුනා මම නිරූපණ ශිල්පිනියක් වුණොත් කොහොමද කියලා. මගේ ඉගෙනීමේ වැඩ කටයුතුත් එක්කම තමයි නිරූපණයට පිවිසුනේ. නමුත් මම ඒ දෙපැත්තම සමබරව කරගෙන ගියා.
ඉදිරි බලාපොරොත්තු සහ ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?
නිරූපණය පැත්තෙන් නම් ජාත්‍යයන්තර රූ රැජින තරඟාවලියකට සහභාගී වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. එතකොට නිරූපණ ශිල්පිනියක් විදිහට ලංකාවේ හොඳ නමක් හදාගන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම මගේ ව්‍යාපාර වැඩ කටයුතුත් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. ඒ දෙකම සමබරව කරගෙන යනවා.
අවසන් වශයෙන් කිව්වොත් මේ තැනට එන්න උදව් කළ අය ගැන?
මුලින්ම මගේ අම්මාව මතක් කරන්න ඕනේ, ඊටපස්සේ මගේ අක්කා, මගේ හොඳම යාළුවා මට ගොඩක් උදව් කරනවා. ඊට අමතරව මට උදව් කළ හැමෝවම මම ආදරයෙන් මතක් කරනවා.
කැළුම් දේවින්ද