Fashion Modeling පැත්තට තමා ගොඩක් ආසා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-03-07-ent-202

නිරූපිකාවක ලෙස අබිසෙස් ලබා ටික කාලක්වන මෙම සොඳුරු යුවැත්තිය, නිරූපණයේ විවිධ පැතිකඩ සොයමින් අත්හදා බැලීම් සිදුකරමින් පසුවන්නීය. කෞෂල්‍යා ගමගේ නම් වන ඇය, ඇගේ ඉදිරි කටයුතු පිළිබඳව පැවසීමට "සාරවිට" ආලින්දයට ගොඩවැදුණේ මෙලෙසිනි.

 

ඔබ ගැන හැඳින්වීමක් කළොත්?

2017-03-07-ent-200මම කෞෂල්‍යා ගමගේ

 

ඔබ වෘත්තීය වශයෙන් නිරූපිකාවක් වෙන්නේ කොපමණ කාලයක සිටද?

මීට අවුරුදු 5කට විතර කලින් ඉඳන්.

 

ඔබ දැනට කරලා තියෙන වැඩකටයුතු මොනවාද?

මම ගොඩක් Fashion Modeling පැත්ත කරනවා අඩුයි. ගොඩක්ම Bridle Modeling පැත්ත තමයි කරන්නේ. ඒ වගේම %ඔබ මා% කියලා මියුසික් වීඩියෝවක් සඳහා සහභාගීවෙලා තියෙනවා.

 

Bridle Modeling පැත්තට වැඩි නැඹුරුතාවක් දෙන්න හේතුව මොකක්ද?

මම ගොඩක් ආස ඒ පැත්තට. Fashion Modeling කරනවා. නමුත් ඒ තෝරා බේරාගෙන තමයි.

 

නිරූපිකාවක් වීම පොඩිකාලෙ ඉඳන් තිබුණ හීනයක්ද?

නෑ. පොඩි කාලෙ ඉඳන්ම ආසාවක් තිබුණෙ නෑ. මම A/L වලින් පස්සෙ තමයි ඒදේවල්වලට යොමුවුණේ.

 

නිරූපණයට එකතු වනවිට පවුලේ අයගෙන් බලපෑමක් ආවේ නැද්ද?

හැමෝම මුලදී අකමැති වුණා. මම වැරදි දෙයක් නොකර තෝරා බේරාගෙන වැඩකටයුතු කරන නිසා පසුව බලපෑමක් ආවේ නෑ.

 

පවුලේ අයගෙන් ලැබෙන සහාය මොනවගේද?

ගොඩක් හොඳ සහයෝගයක් ලැබෙනවා.

 

ඔබ නිරූපණය පිළිබඳ හැදෑරීමක් කරලා තියෙනවාද?

නෑ මම එහෙම හැදෑරීමක් කරලා නැහැ.

 

ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නෙ?

අපි ක්ෂේත්‍රයට එනකාලෙත් එක්ක බැලුවොත් දැන් හැමතැනම මොඩ්ල්සලා ඉන්නවා. මොන ක්ෂේත්‍ර‘යේ වුනත් තමන් හරියට ඉන්නවානම් හොඳ ගමනක් යන්න පුළුවන්.

 

දැනට නිරූපණය පිළිබඳව ලංකාවේ විවිධ චෝදනා තියෙනවා මේ පිළිබඳව ඔබේ මතය?

චෝදනා කියන ඒවා නිකන් එල්ල වෙන්නේ නෑ. ගොඩක් අය ප්‍රසිද්ධ වෙන්න කියලා විවිධ දේවල් කරනවා. ඒවා ඉතින් තමන් විසින්ම කරගන්න ඒවා තමයි.

 

රංගනය සඳහා යොමුවීමට අදහසක් නැද්ද?

ආරාධනා නම් ලැබිලා තියෙනවා. නිරූපණය කියන්නෙ රංගනය වගේ දෙයක් නෙවෙයි. රංගනය කියන්නෙ ගොඩක් හැදෑරීමක් කරලා කරන්න ඕන දෙයක්.

 

ඉදිරි බලාපොරොත්තු මොනවාද?

ඉදිරියට එහෙම ලොකු බලාපොරොත්තුවක් නෑ. ක්ෂේත්‍රය තුළ මහැකිතාක් කාලයක් රැඳී ඉන්න තමයි බලාපොරොත්තුව තියෙන්නෙ.

 

මතක් කළ යුතු පිරිසක් ඉන්නවාද?

මගේ පවුලේ අම්මා, තාත්තා, නංගි ඇතුළු ක්ෂේත්‍ර‘යේ ඉන්න මට අතහිතදුන් රූපලාවණ්‍ය ශිල්පිනියන්.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක

 

2017-03-07-ent-204 2017-03-07-ent-203  2017-03-07-ent-201  2017-03-07-ent-199 2017-03-07-ent-198 2017-03-07-ent-197 2017-03-07-ent-196