Every kid should have a proper sex education
Being a model is not about having a pretty face!
ඉස්සර ලංකාවේ මොඩ්ල් කෙනෙක් වෙන්න ඉගෙනගන්න ස්කූල්ස් තිබුණෙ නැහැ. හැබැයි දැන් හැමතැනම මොඩ්ලින් ක්ලාසස් බිහිවෙනවා දකින්න පුලුවන්. හැබැයි ඒ හැමතැනකින්ම හරි ශාස්ත්‍රයක් ලැබෙනවද, හරි දේ උගන්නනවද කියන එක ප්‍රශ්නයක්. ඒ නිසා යමක් ඉගෙන ගෙන ක්ෂේත්‍රයට එන්න කැමති කෙනෙක්ට හොඳට හොයලා බලලා තමන්ට ගැලපෙන මොඩ්ලින් ස්කූල් එක තෝරගන්න වෙනවා.
මොඩ්ල් කෙනෙක් වෙන්න ආස කරන ගොඩක් අය ඉන්නවනේ. හැබැයි මගේ අදහස වෙන්නේ ගොඩක් අය හිතන විදියට ලස්සන මූණක්, හැඩ ඇඟක් තිබුණා කියලා මොඩ්ල් කෙනෙක් වෙන්න බැහැයි කියන එකයි. ඒකට දක්ෂතාවයක් ඇතිකරගන්න ඕන. හොඳ බුද්ධියක් තියෙන්න ඕන. විශේෂයෙන්ම ඔය පැජන්ට් වලදී එහෙම අපි දකිනවනේ අහන ප්‍රශ්න. ඒ හින්දා මේ හැමදෙයක්ම තියෙන්න ඕන. හැබැයි මේ හැමදෙයක්ම අවශ්‍යතාවය තියෙනවා නම්, කැපවීමක් තියෙනවා නම් ඇතිකරගන්න ඕන දේවල් කියන එකත් කියන්න ඕන.
A guy with a great masculine personality can woo me!
මම ආකර්ෂණය වෙන පිරිමියාට හැම වෙලාවේම දැවැන්ත පිරිමි පෞරුෂයක් තියෙන්න ඕන. ඒ කියන්නේ බොහොම හොඳ පාලනයක් තියෙන, ඒ වගේම හැබැයි ගැහැණියව යටත් කරගෙන නීති දාගෙන ඉන්න දඟලන්නෙත් නැති පිරිමියෙක්. අවශ්‍ය වෙලාවට මෘදු වෙන්නත් දන්න පිරිමියෙක්. මම හිතන්නේ ඕනම ගැහැණියෙක් වගේම මමත් කැමති වෙන්නේ මම වැරදි දෙයක් කරනවා නම් මාව නවත්වන්න පෞරුෂත්වයක් තියෙන, හැබැයි මම ස්වාධීන ගැහැණියක් කියන එක පිළිගන්න පුලුවන්, මගේ ජීවිතේ හැම පුංචි තීරණයකටම හරස් වෙන්නේ නැති මනුස්සයෙක්ට. මේ විදියට කිසිම අන්තයකට ගිහින් නැති, ඒ වගේම මම ඉන්න තැනින් තවත් ඉහළට යන්න මම දරණ උත්සාහයට වල කපන්නේ නැතුව අත්වැලක් වෙන මනුස්සයෙක්ට තමයි මම හැම මොහොතකදීම ආකර්ෂණය වෙන්නේ. ඒ ඇරෙන්න මම කවදාවත් මාරම කඩවසම්, ඒ කියන්නේ නිරූපණ ශිල්පියෙක්ගේ වගේ පෙනුමක් තියෙන කෙනෙක්ව කොහෙත්ම අවශ්‍ය වෙන්නෙ නෑ. සාමාන්‍ය මනුස්සයෙක්ගේ ප්‍රියමනාප පෙනුමක් තිබුණනම් හොඳටම ඇති.
Every kid should have a proper sex education!
ලිංගිකත්වය ගැන හරි හැටි දැනුමක් නැතිවීම මේ වෙනකොට සමාජ ප්‍රශ්නයක් වෙලා තියෙනවනේ. උදාහරණයක් විදියට ගත්තොත් අපි පත්තරයක් අරගෙන බැලුවහම කොයි තරම් ඒ සම්බන්ධ නිව්ස් තියෙනවද? ගොඩක් දෙනෙක් කියනවා ගමෙන් නගරයට ආපු ගැහැණු ළමයි තමයි මේ දේවලට වැඩියෙන්ම ගොදුරු වෙන්නෙ කියලා. හැබැයි මම ඒකට එකඟ නැහැ. ගමේ ළමයෙක්ද, ගමෙන් නගරයට ආපු ළමයෙක්ද නැත්නම් නගරේ ඉපදිලා ජීවත් වුණු ළමයෙක්ද කියන එකට වඩා මෙතනදී වැදගත් වෙන්නේ සමාජ දැනුම. උදාහරණයක් විදියට ගත්තොත් ලිංගික අධ්‍යාපනයක් ලබා තිබීම මේ වගේ දේකදී වැදගත් වෙනවා. ලංකාවේ ලිංගික අධ්‍යාපනය ගැටළුකාරී වීම තමයි මේ සමාජ ප්‍රශ්නයට සෘජුව බලපාන ප්‍රධාන හේතුවක් වෙන්නේ.
ලංකාවේ නගරේ වුනත් ගමේ වුනත් ඉන්න හැම ගැහැණු ළමයෙක්ටම, හැම පිරිමි ළමයෙක්ටම අනිවාර්යයෙන්ම ලිංගික අධ්‍යාපනය ක්‍රමවත්ව සහ සම්පූර්ණව ලබලා දෙන්න ඕන. අනික ගැහැණු ළමයෙක්ට පිරිමි ළමයෙකුත්, පිරිමි ළමයෙක්ට ගැහැණු ළමයෙකුත් මැජික් එකක් විදියට, අරුම පුදුම භාණ්ඩයක් විදියට පේන මේ ක්‍රමය තමයි ඔය ප්‍රශ්නයට මුල. මොකද ඉන්පස්සේ නිදහස ලැබුණහම මේ අරුම පුදුම දේ මොකක්ද කියලා හොයාගෙන යන්න පටන් ගන්නවා.
කොළඹ ජීවත් වුනාට මම ගමකින් ආපු ගෑණු ළමයෙක්. කොළඹ ජීවත් වුනාට තවමත් මම සති දෙකකට සැරයක් ගමේ යනවා. හැබැයි ඇත්තටම කොළඹදී කරදර වලට පැටලෙන්නේ නැතුව ඉන්න මට ගමේ හුරුව, ගමෙන් ලබපු හැදියාවත් ප්‍රයෝජනවත් වෙලා තියෙනවා.
Text: Pathum Punchihewa
Photography: Kaveeth Milinda
Graphics: Anushi Dantanarayane
Make up: Thanurshan Rajarajan
Location: Pedlar’s Inn Cafe