ෆීල්ඩ් එකේ හොඳට හිටියොත් හොඳ නමක් හම්බෙනවා.
නිරූපණයට සම්බන්ධ වෙලා ඉතා කෙටි කාලයක් තුළ නිර්මාණ රැසකටම සම්බන්ධ වුණු කෙනෙක්ව තමයි අද අපි සාරවිටට සම්බන්ධ කරගත්තේ. ඒ තමයි ඩිලූෂි. මේ වනවිට ඇය රැකියාවක් කරන අතරම තමයි මේ විදිහට නිරූපණයට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඩිලූෂි සාරවිටට කතා කළේ මේ විදිහට.
මගේ නම ඩිලූෂි අශාරා. මම පදිංචි වෙලා ඉන්නේ මීගමුවේ. මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තායි, මමයි, අයියයි, නංගියි. මම දැනට පෞද්ගලික ආයතනයක රැකියාවක් කරනවා. ඊට අමතරව නිරූපණ කටයුතුවලට සම්බන්ධ වෙලා ඉන්නවා.
නිරූපණයට සම්බන්ධ වෙන්නේ කොහොමද?
නිරූපණයට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තිබුණෙම නැහැ. මගේ යළුවෙක්ගේ මාර්ගයෙන් බ්‍රයිඩ්ල් ෂූට් එකකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඊටපස්සේ තමයි ලැබුණු ආරාධනා එක්ක නිර්මාණවලට සම්බන්ධ වුණේ. දැනට නිරූපණයට සම්බන්ධ වෙලා මාස අටක් පමණ වෙනවා.
මේ කාලය තුළ ලැබුණු අත්දැකීම් කොහොමද?
ඇත්තටම හොඳ අත්දැකීම් ටිකක් ලැබුණා. ෆීල්ඩ් එකේ හොඳට හිටියොත් හොඳ නමක් හම්බෙනවා. ඉක්මනින් ජනප්‍රිය වෙන්න හිතාගෙන වැඩ කළොත් එයාලගේ පැවැත්ම තියෙන්නේ පොඩි කාලයක්. හොඳ දේවල්වලට සම්බන්ධ වුණොත් හොඳ ප්‍රතිපල ලැබෙනවා.
මේ වනවිට දායක වෙලා තිබෙන නිර්මාණ මොනවාද?
රිට්ස්බරි ඇතුළු වෙළඳ දැන්වීම් කිහිපයකටම සම්බන්ධ වෙලා තිබෙනවා. ඊට අමතරව බ්‍රයිඩ්ල් ෂූට් සහ මියුසික් වීඩියෝ කිහිපයකටම දායක වෙලා තියෙනවා.
වෘත්තීයක් විදිහට නිරූපණය කරන්න බලාපොරොත්තුවක් නැද්ද?
වැඩවලට ආරාධනා ලැබෙන විදිහට බාරගෙන කරනවා. දැනට මම පෞද්ගලික ආයතනයක වැඩ කරන නිසා පාර්ට් ටයිම් විදිහට තමයි නිරූපණ කටයුතුවලට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන්නේ.
රංගනයට එක් වෙන්න අවස්ථාවක් ලැබිලා නැද්ද?
ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබුණා. ඉදිරියටත් හොඳ නිර්මාණවල හොඳ චරිතයක් ලැබුණොත් සම්බන්ධ වෙනවා. ලැබෙන හැමදේම නැතුව තෝරා බේරාගෙන තමයි සම්බන්ධ වෙන්නේ.
ගෙදරින් ලැබෙන සහය කොහොමද?
පවුලේ අයගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. අම්මයි තාත්තයි නංගි ගොඩක් උදව් කරනවා. අයියා නිරූපණය පැත්තට ගොඩක් කැමතියි. ඒ අය තමයි ඉතින් පස්සෙන් ඉඳලා හැමදේටම උනන්දුවක් දක්වන්නේ.
ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?
ෆීල්ඩ් එකේ හොඳ නමක් තියාගෙන හොඳ නිර්මාණවලට දායක වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
උදව් කළ පිරිස ගැන කිව්වොත්?
මුලින්ම මගේ පවුලේ අයටයි. ඊට අමතරව හිමාලි අක්කා, ඉන්දික අයියා, සජිත් අයියාව විශේෂයෙන් මතක් කරන්න ඕනේ. එතකොට සැලෝන් මංජුලා කාර්යමණ්ඩලයත් මතක් කරනවා.
කැළුම් දේවින්ද / ඡායාරූප - සරසි නෙත්මිණි