ෆීල්ඩ් එකේ ඉගෙනගත්තු අයට වඩා ඉගෙනගත්තු නැති අය වැඩියි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-02-20-ent-252

නිරූපණ ක්ෂේත්‍රයේ පැතිකඩ කිහිපයක් ඔස්සේ වැඩකටයුතු කරන සන්ෂි ‍සෙනීශා මේ වනවිට ව්‍යාපාරිකාවක් ලෙසද කටයුතු කරනවා. මියුසික් වීඩියෝ, ටෙලි නාට්‍ය ඔස්සේ ඇය ජනප්‍රිය වී තිබෙනවා. සාරවිට කතාබහට සෙනීශා සම්බන්ධ කරගන්න අපි හිතුවේ ඒ නිසා.

 

ඔබ ගැන හඳුන්වා දුන්නොත්?2019-02-20-ent-257

මගේ නම සන්ෂි සෙන‍ෙශා දිසානායක. මොඩ්ල් සහ ඉවෙන්ට් කෝඩිනේටින්ග් තමයි මගේ රැකියාව විදිහට කරන්නේ. මම මොඩ්ල් බෑන්ක් එකක් කරනවා. ඊට අමතරව මමත් ෆොටෝෂූට්, විෂුවල්, ටී.වී. කමර්ෂල් ඇතුළු හැමදේටම දායක වෙනවා.

 

කොහොමද නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබු‍ණේ?

මම 2012දි රොසෑන් ඩයස් මහත්මයිගේ යටතේ Zsaid Images Modling Acadamy එකෙන් Catwalking සහ Modling පිළිබඳව හදාරලා තමයි ක්ෂේත්‍රයට එන්නේ. මම දැනට ක්ෂේත්‍රයට අවතීර්ණ වෙලා දැනට අවුරුදු හතක් විතර වෙනවා. 

 

නිරූපණ ශිල්පිනියක් ලෙස දායක වෙලා තිබෙන නිර්මාණ මොනවාද?

මම මුලින්ම දායක වුණේ ෆොටෝෂූට් එකකට. එක් කරේ මංජුල බණ්ඩාර කියලා අපේ පවුලේ හිතවතෙක්. ඒක ඩේලි මිරර් සඟරාවේ පලවුණා. එතැනින් පස්සේ ෆැෂන් පේජ් ගොඩකට සම්බන්ධ වුණා. ගොඩක්ම කරලා තියෙන්නේ රෑම්ප් වෝකින් තමයි. මියුසික් වීඩියෝ 12කට විතර දායක වෙලා තියෙනවා. ටෙලි නාට්‍ය කිහිපයකටත් දායක වෙලා තිබෙනවා. ශිවන්ත ප්‍රනාන්දුගේ “බඹරුන්”, ලහිරු ප්‍රනාන්දුගේ “ඇහි පිල්ලමේ”, ඩැඩී බෑන්ඩ් එකේ “මම බැඳලා” වැනි ගීතවලට දායක වෙලා තිබෙනවා. ලකී ඩයස් මහත්මයාගේ සීතල ගිනිදැල් ටෙලි නාට්‍යවලටත් රංගනයෙන් දායක වී තිබෙනවා.

 

“මොඩ්ල් බෑන්ක්” එක ගැන කිව්වොත්?

මගේ බෑන්ක් එකට එන වැඩවලට මම නිරූපණ ශිල්පිනියෝ ලබා දෙනවා. මගේ ළඟ නිරූපණ ශිල්පිනියෝ 60-70ක් විතර ඉන්නවා. මම දැනට අවුරුදු හතක ඉඳලා මේ ව්‍යාපාරය කරනවා. ඇත්තටම මොඩ්ල් කෙනෙක්ට වඩා මාව හැමෝම දන්නේ මොඩ්ල් කෝර්ඩිනේටින් වලින්. මම ගොඩාක් කැමිති මේකට. pramotion, Event, Music Video ඇතුළු හැම අංශයන්ටම නිරූපණ ශිල්පිනියන් සපයන එක තමයි මම කරන්නේ. 

 

අද නිරූපණ ක්ෂේත්‍රය ගැන මිනිස්සු වැරදියට කතා කරන්නේ ඇයි?

ෆීල්ඩ් එකේ ඉගෙනගත්තු අයට වඩා ඉගෙනගත්තු නැති අය වැඩියි. වැරදි විදිහට කරන කෙනා ප්‍රසිද්ධ වෙනවා. සමාජය අතරට ඉක්මනින් යනවා. සමාන්‍ය මිනිස්සු හිතන්නේ එතකොට මෙයාලා තමයි මොඩ්ල්ස්ලා, මෙයාලා මෙහෙමයි කියලා. ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ නෙගටිව් මාර්කටින්වලට. මොන දේ කරලා හරි මේ ෆීල්ඩ් එකට එන්නයි උත්සහ කරන්නේ. ඇඟ පෙන්නපු පලියට මොඩ්ල් කෙනෙක් වෙන්න බැහැ. උගතෙක් වෙන්න ඕනේ කියලා නෙවෙයි කියන්නේ. පවුල් පසුබිම, අධ්‍යාපනය, වගකීම, මනුස්සකම, වැදගත්කම සමග ලස්සන රූපයක්, සිරුරක්, විලාසිතා ගැන දැනුමක් තියෙන කෙනෙක් තමයි නිරූපණයට සුදුසු වෙන්නේ. මේ කිසි දෙයක් වැඩක් නැහැ, බාගෙට ඇඳගෙන ෆොටෝෂූට් එකක් කරාම හරි, අනිත් අය මොනවා හිතුවත් වැඩක් නැහැ කියලා හිතන අය කරන වැඩ නිසා තමයි මේ ෆීල්ඩ් එකේ හොඳින් ඉන්න අය ගැනත් වැරදියට හිතන්නේ. මට නම් අනිත් අය මම ගැන හිතන විදිහ අදාලයි. මේ රැකියාව කරන අය මේකට ගරු කරන්න දැනගන්න ඕනේ. 

අඩ නිරුවත් සහ නිරුවත් නිර්මාණවලට නිරූපණ ශිල්පිනියෝ දායක වීම වැරදිද?

අනිත් අය කරන දේ හරිද වැරදිද කියලා මට තීරණය කරන්න බැහැ. ඒක තමන්ට තියෙන අවශ්‍යතාවන්ට අනුව තමයි. කෙනෙක් නිරුවත් වෙන්නේ ඇයි?. එක්කෝ මුදලට, නැත්නම් ප්‍රසිද්ධ වෙන්නනේ. අඩ නිරුවත කියද්දි කොටට අඳින එක නම් ඕනෑම මොඩ්ල් කෙනෙක්ට ඒක කරන්න වෙනවා. හැබැයි නිරුවත කියන්නේ ඊට වඩා අමාරු දෙයක්. මට නම් දවසක හොඳ විවාහ ජීවිතයක් ගත කරන්න, අම්මා කෙනෙක් වෙන්න ආසාවක් තිබෙනවා. ඒ නිසා මම අදටත් කරන්නේ ඕන තැනක පබ්ලිෂ් කරන්න පුළුවන් දේවල් විතරයි. එහෙම ඕනකමක් නැති අය ඒවා කරනවා.

හැබැයි මේ Nude Art Photography කියන දේ ලස්සනට කරන ෆොටෝග්‍රැෆස්ලා ඉන්නවා. මමත් ඒවාට මොඩ්ල්ස්ලා සපයනවා. ඒවට එන ප්‍රවීණ විදිහට ග්ලෑම්ර් ෂූට් කරන ලස්සන මොඩ්ල්ස්ලා ඉන්නවා. ඒක කලාවක්. තමන් දායක වෙන වැඩේ අනුවත්, මොඩ්ල් පෙනී සිටින විදිහ සහ ඒක කරන ඡායාරූප ශිල්පියා අනුවත් කලාත්මකද නැද්ද කියලා තීරණය වෙනවා. නමුත් කොච්චර කලාත්මක වූවත් මම නම් නිරුවත් නිර්මාණවලට දායක වෙන්නේ නැහැ. නමුත් පිළිවෙලට ඒක කරන අයට මම බනින්නෙත් නැහැ.

නිරූපණ ශිල්පිනියෝ රංගන ක්ෂේත්‍රයට ඇවිත් නිරූපණ ක්ෂේත්‍රය අත් හරිනවා. ඒක නිරූපණ ක්ෂේත්‍රයට බලපාන්නේ කොහොමද?

රංගන ශිල්පිනියක් සහ නිරූපණ ශිල්පිනියක් කියන්නේ දෙන්නෙක්. නිරූපණ ශිල්පිනියක් රංගන ක්ෂේත්‍රයට ගියාම නිරූපණයට එන්නේ නැහැ. මොකද රංගන ශිල්පිනියක් කියන්නේ නිරූපිකාවකට වඩා ජනප්‍රියත්වයෙන් ඉහළ ඉන්න කෙනෙක් නිසා. රංගනයට ගියාට කමක් නැහැ නිරූපණය අමතක නොකර. මොකද දක්ෂ කෙනෙක් නිරූපණය අත් හැරියොත් ඇත්තටම නිරූපණ ක්ෂේත්‍රයට ඒක ලොකු පාඩුවක්.

 

සෙනීෂාගේ ඉදිරි වැඩ කටයුතු ගැන කිව්වොත්?

ඉදිරියේදී විදේශ ගත වෙන්න ඉන්නවා. නමුත් ලොකු කාලයකට නෙවෙයි. මගේ මොඩ්ල් බෑන්ක් එක දිගටම කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මගේ තාත්තට තියෙනවා ආරක්ෂක නිලධාරීන් සපයන ආයතනයක්. ඒකට එකතු වෙන්නත් බලාපොරොත්තුවක් තිබෙනවා. 

උදව් කළ පිරිස ගැන කිව්වොත්?

මගේ පවුලේ අයගෙන් ලොකු සහයෝගයක් දැන් ලැබෙනවා. ඒ වගේම මම කාලයක් ෆීල්ඩ් එකෙන් අයින් වෙලා හිටියා. ඇත්තටම ගොඩක් සතුටුයි මම ඒ කාලේ තමයි දැනගත්තේ මාව හුඟාක් අය දන්නවා කියලා. මට හොඳ මිතුරු මිතුරියන් පිරිසක් ඉන්නවා කියලත්. ඒ අයට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම සාරවිට වෙබ් එකටත් ස්තූතියි කරනවා මේ අවස්ථාව ලබා දුන්නාට. 

සටහන - කැළුම් දේවින්ද

 

 2019-02-20-ent-253 2019-02-20-ent-254 2019-02-20-ent-255 2019-02-20-ent-256