ළහිරු කුමාරට කැමති තියෙන කඩවසම් පෙනුම නිසා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-12-18-ent-1167

ස්වර්ණවාහිනියේ විකාශය වන ‘හදවතේ කතාව' ටෙලි නාට්‍යය තුළින් මේ දිනවල නිතර දකින සචිනි වික්‍රමසිංහ වර්තමානයේ සිටින ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිනියකි. රංගනයට මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවටද දැඩි සේ කැමැත්තක් දක්වන සචිනි අද අපි ‘සිත්ගත් ක්‍රිකට් තරුව^ විශේෂාංගයට මෙසේ එකතු කර ගත්තේමු.

 

ක්‍රිකට් ක්‍රීඩාවට තියෙන්නේ මොන වගේ කැමැත්තක්ද?

ක්‍රිකට් තරග නරඹන්නට යොමුවුණ මුල් කාලයේදී නම් ලොකු කැමැත්තක් මගේ තිබුණේ නැහැ ක්‍රිකට්වලට. ඒත්, දැන් මම ගොඩක් ආස ක්‍රීඩාවක් තමයි ක්‍රිකට් කියන්නේ. ඒ ආසාව කොහොම ඇති වුණාද කියලා මමවත් දන්නේ නැහැ.2019-12-18-ent-1166

 

අන්තිමට බලපු ක්‍රිකට් තරගය මතකද?

රුපවාහිනියෙන් නම් අන්තිමට ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරපු තරගයත් මම නැරඹුවා. සජිවිව ක්‍රිකට් තරගයක් නැරඹුවේ ගිය වසරේ අගෝස්තු මාසයේදී කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ තිබුණ නවසීලන්ත කණ්ඩායම සමග පැවැති ටෙස්ට් තරගය. ඊට පෙර මහනුවර පල්ලේකැලේ තිබුණ විස්සයි 20 තරග තුනම බලන්නත් මම ගියා.

 

සචිනිට ක්‍රිකට් ක්‍රීඩා කරන්න පුළුවන්ද?

ඔව්, නළුනිළියන් අතර මෑතකදී තිබුණ ක්‍රිකට් තරගයටත් මම ක්‍රීඩා කළා.

 

පන්දු යවන්නද? පන්දුවට පහර දෙන්නද ඔබ දක්ෂ?

පන්දු යවන්න දක්ෂයි. පන්දුවට පහරදීලාත් යමක් කරගන්න පුළුවන් මට.

 

කැමතිම ලාංකිය ක්‍රිකට් ක්‍රීඩකයා කවුද?

ළහිරු කුමාරට. ඇත්තටම ඔහුගේ හිනාවටයි කඩවසම් පෙනුමටයි මම ගොඩක් කැමති.

 

කැමති විදෙස් ක්‍රීඩකයෙක් නැද්ද?

ඉන්දියාවේ මහේන්ද්‍ර සිං දෝනිට කැමතියි. ඔහුගේ ජිවීත කතාව අලලා කරපු චිත්‍රපටය මම නැරඹුවා. ඊට පස්සේ තමයි ඔහු පිළිබඳව මට ලොකු කැමැත්තක් ඇති වුණේ.

 

ක්‍රිකට් ක්‍රීඩකයෝ මුණ ගැහිලා තියෙනවාද?

ඔව්, චාමර කපුගෙදර, මහේල ජයවර්ධන වගේ ක්‍රීඩකයෝ මුණ ගැහිලා තියෙනවා. හැබැයි ගොඩක් අය එක්ක නම් කතා කරලා නැහැ.

 

ක්‍රිකට් ක්‍රීඩකයෙකුගෙන් ආදර යෝජනාවක් එහෙම ආවෙත් භාර ගන්නවද?

අකමැත්තකුත් නැහැ මගේ. දෙන්නාට දෙන්නාගේ අදහස් ගැළපෙනවා නම් ඒ යෝජනාව මම භාර ගන්නවා.

 

වර්තමානයේ ලංකාවේ ක්‍රිකට්වල තත්ත්වය ඔබ දකින්නේ කොහොමද?

ලංකාව කියන්නේ හොඳ ක්‍රිකට් කණ්ඩායමක්. නමුත්, අද ගත්තොත් තරමක් දුරට කණ්ඩායම වැටිලා තියෙනවා. දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නවා. නමුත්, ඔවුන්ට දෙන අවස්ථා ගැන සැහිමට පත් වෙන්න බැහැ. දැනට ජාතික කණ්ඩායමේ නැති පළමු පෙළ ක්‍රීඩා කරන දක්ෂයෝ ගොඩක් ඉන්නවා. නිසි ක්‍රමවේදයකට අනුව ඔවුන්ගේ දක්ෂතා ඇගයිමකට ලක් කළ යුතුයි. එතකොට අපිට තරග ජයගන්න පුළුවන් හොඳ කණ්ඩායමක් හදාගන්න පුළුවන් වේවි කියලා මම හිතනවා.

 

  2019-12-18-ent-1168