හොඳින් හිටියොත් ලැබෙන ප්‍රතිඵලයත් හොඳයි
නිරූපණ හා රංගන ක්ෂේත්රය තුළින් කලා ක්ෂේත්රයට පිවිසි ඇය නමින් තාරා කෙනඩිය. ඇගේ ඉදිරි වැඩකටයුතු දැනගැනීමට ‘සාරවිට’ අපි ඇය මෙලෙසින් සම්බන්ධ කරගත්තෙමු.
ඔබ ගැන හැඳින්වීමක් කරන්න.
මම තාරා කෙනඩි. මම neck කියන uk dressing brand එකත් එක්ක තමයි වැඩකටයුතු කරන්නේ. ඊට අමතරව නිරූපණයේ සහ රංගනයේ නියැළෙනවා.
නිරූපණයට හා රංගනයට එන්නේ මොන කාලයේදීද?
දැනට අවුරුද්දකට දෙකකට පමණ පෙර. දමයන්ති ෆොන්සේකා සහ ප්‍රසන්න විතානගේ ඇතුළු පිරිස ‘ගාස්තුව කීයද’ කියලා වේදිකා නාට්‍යයක් කළා. මම එහි ප්‍රධාන චරිතයට දායක වුණා.
ඔබ ක්ෂේත්රයට එන්නේ ‘ගාස්තුව කීයද’ නාට්‍යයෙන්ද?
නෑ, ඊට කලින් මම ‘Dining’ කියලා Drama එකක ප්‍රධාන චරිතය කළා. ඒ Drama එක තවම OUT වෙලා නැහැ. ඊට අමතරව Modeling සහ වෙළෙඳ දැන්වීම් සඳහා දායක වෙලා තියෙනවා.
මොනවද ඒ නිර්මාණ?
ගෝයා, World Trade center ඇතුළු තවත් වෙළෙඳ දැන්වීම් කිහිපයකටම දායක වුණා.
වැඩිපුරම දායකත්වය දෙන්නේ, රංගනයටද? නිරූපණයටද? එහෙමත් නැත්නම් ඔබේ රැකියාවටද?
මේකට කැමතියි කියලා එහෙම වෙනම එකක් කියන්න බැහැ. මේ ක්ෂේත්‍ර තුනේම වැඩකටයුතු සමබරව කරගෙන යනවා.
ඒ කියන්නෙ රැකියාවත් සමග කාල කළමනාකරණය හොඳින් සිදුකරනවා?
මෙහෙමයි. මම කලින් රැකියා දෙකක් කළා. ඒ රැකියා දෙකම Full time කළා. නමුත් දැන් කරන රැකියාවේදී සතියට දවස් දෙකයි ඒ සඳහා වැය කරන්නේ. ඒ නිසා වැඩකටයුතු සඳහා කාලය කළමනාකරණයට පහසුයි.
නිරූපණ ක්ෂේත්රය පිළිබඳව ඔබ දකින්නේ කොහොමද?
ක්ෂේත්රය හොඳයි. අපි හරියට බැලන්ස් කරගෙන වැඩකටයුතු කරගෙන යන්න ඕන. රැකියාව හෝ වෙනයම් ක්ෂේත්රයක් වේවා අපි හොඳින් ඉන්න ඕන. අපි නරක දෙයක් කළොත් ලැබෙන ප්‍රතිඵලත් නරකයි. අපි හොඳින් හිටියොත් ලැබෙන ප්‍රතිඵලත් හොඳයි.
නවකයන්ට ලැබෙන අවස්ථාවන් ගැන කථා කළොත්?
අනිවාර්යයෙන්ම තමන්ගේ දක්ෂතාවය අනුව අවස්ථාවන් ලැබෙනවා. ලස්සනම විතරක් මදි, දක්ෂතාවයත් ඕන. ඒ දෙකම තිබුනොත් අවස්ථාවන් ලැබෙනවා.
දක්ෂකමද? වාසනාවද බලපාන්නේ?
නෑ. වාසනාව කියන දේ මම දකින්නේ නෑ.
ඔබ ක්ෂේත්රය තුළ යම් තැනකට එන්න කැපකිරීමක් කරනවාද?
අදාළ ක්ෂේත්රයට අවශ්‍ය සුදුසුකම්, දක්ෂතා හදාගන්න ඕන. කාගේවත් අනුකරණයක් නොකර තමන්ගෙ විශේෂ දක්ෂතාවක් තියෙන්න ඕන. තමන්ටම ආවේණික දක්ෂතාවක් තිබුණොත් කැපී පෙනෙන්න අවස්ථාවක් ලැබෙනවා. ලොකු කැපකිරීමක් කියන්නේ ඒක තමයි.
ඔබ ක්ෂේත්රය පිළිබඳ යම් හැදෑරීමක් කරලා තියෙනවාද?
මම දමයන්ති ෆොන්සේකා මහත්මියගේ Drama School එකේ හිටියා. ප්‍රසන්න විතානගේ Drama වලට ගොඩක් උදවු කළා. ප්‍රසන්නජිත් සර්ගෙ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ හිටියා.
ඉදිරි කටයුතු සහ බලාපොරොත්තු?
රංගනය ක්ෂේත්‍ර‘යෙන් ටෙලිනාට්‍යකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ වගේම හොඳ නිර්මාණයක් ලැබුණොත් දායක වෙනවා. වෙළෙඳ දැන්වීම් සඳහාත් එසේමයි. හොඳ දෙයක් ලැබුණොත් දායක වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක