හොඳම නිවේදිකාවක් වීමේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා
නිවේදිකාවක ලෙස කලා ක්ෂේත්රයට අත්පොත් තබන ඇය සජී නිසංසලාය. නිවේදනය පිළිබඳ හදාරමින් ක්ෂේත්රයට පිවිසී ඇය මේ දිනවල සියත ගුවන්විදුලියේ නිවේදිකාවක ලෙස කටයුතු කරන්නීය. ඇය මේ ක්ෂේත්රයට පැමිණීම පිළිබඳව ‘සාරවිටට’ මෙලෙස හඬ අවදි කළාය.
ඔබ කවුද? මොනවද කරන්නේ?
මම සජී නිසංසලා. මම සියත ගුවන් විදුලියේ නිවේදිකාවක් ලෙස දැනට වසර තුනක ඉඳන් සේවය කරනවා.
නිවේදිකාවක් වුණේ පුංචිකාලේ තිබුණ හීනයක් නිසාද?
පොඩි කාලේ එහෙම හීනයක් තිබුණා. A/L වලින් පසුව තමයි සියත ගුවන් විදුලියට ආවේ. ගොඩක් කට්ටිය Interview එකට ඇවිත් හිටියා. නමුත් තේරුණේ හතර දෙනයි. Girlලා දෙන්නයි Boyලා දෙන්නයි. එයිනුත් දැන් ඉන්නේ මමයි තව Boy කෙනෙකුයි විතරයි.
මුලින්ම නිවේදිකාවක් ලෙස ලබපු අත්දැකීම ගැන කතා කරමු.
මෙතනට ආවම තමයි තේරෙන්නෙ ලොකු වැඩක් මෙතන වෙනවා කියලා. ලොකු අත්දැකීමක් ඒක.
ඔයාට පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය ගැන කිව්වොත්?
ගෙදර අයගෙන්, විශේෂයෙන් අම්මාගෙන් සහ තාත්තාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. එයාලා හැමදාම, හැමවේලෙදීම මගේ පසුපසින් හිටියා. අම්මාටත් වැඩිය තාත්තා තමයි ගොඩක් සතුටු වෙන්නේ. හැමදාම Program එක අහන්නෙත් තාත්තා.
වෙනත් රැකියාවක් නොකර නිවේදිකාවක් විමට අම්මාගේ, තාත්තාගේ කැමැත්ත ලැබුණද? වෙන දෙයක් කරන්න කියලා බලපෑමක් නැද්ද?
ඒ බලපෑම නම් තවමත් තියෙනවා. හැබැයි මම කැමැත්තෙන් කරන්නේ මේක. ඒ නිසා මොකුත් කියන්නේ නැහැ.
ඔබ ඉදිරිපත් කරන වැඩසටහන ගැනත් කතාකරද?
මම දැන් කරන්නේ උදෑසන වැඩසටහන. උදේ 5.30 සිට 7.00 දක්වා සියත පටන් ගන්නේ ඒ වැඩසටහනෙන්. ‘ඉසිවර සියත’ තමයි වැඩසටහනේ නම.
ඊට අමතරව සෙනසුරාදට ගොඩක් කැමැත්තෙන් Love Program එකක් කරනවා.
ඇයි ඒක කැමැතෙන් කරන්නේ. Love Program එකක් නිසාද?
මම මුලින් කළේ Love Program එකක්. අවුරුදු දෙකක් විතර එය කළා. සියත හි පරිණාමයක් වුණා, ඉන්පසු මට උදෑසන වැඩසටහන ලැබුණා. ඒකත් කැමැත්තෙන් කරන්නේ. ඊටත් වඩා සෙනසුරාදා වැඩසටහන ගොඩක් කැමැත්තෙන් කරන්නෙ.
ඔබේ මේ දේවල් පිළිබඳව හැදෑරීමක් කරලා තියෙනවාද?
Media තමයි කළේ කලින් ඉඳලම. ඉස්කෝලේදීත් Media Unite වල හිටියා. ඒ පැත්තෙන්ම තමයි ගොඩක් වැඩකටයුතු කළේ.
ඉදිරි බලාපොරොත්තු ගැන කතා කළොත්?
ක්ෂේත්රයේ හැමෝටම වගේ මටත් තියෙන හීනය තමයි හොඳම නිවේදිකාවක් වෙන එක. තවම මම 100% සම්පූර්ණ නැහැ. තියෙන පොඩි පොඩි අඩුපාඩු හදා ගනිමින් දවසින් දවස ඉගෙනගන්නවා.
ඔබට උදවුකළ මතක් කළ යුතු පිරිසක් ඉන්නවාද?
මුලින්ම මගේ අම්මයි, තාත්තයි මතක් කරන්න ඕන. ඒ දෙන්නා තමයි හැමදේටම මගේ පිටුපසින් හිටියෙ. සියතට ආවට පස්සෙ ...... සර් ඇත්තටම සර් කෙනෙක් නෙවේ තාත්තා කෙනෙක් වගේ එයාගෙන් තමයි ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ Media ගැන. අරවින්ද අයියා තමයි අපේ Program එක manage කරන්නේ. එයාගෙන් ගොඩක් ලොකු උදව්වක් ලැබෙනවා.