හොඳම දේ තමන්ගේ හෘද සාක්ෂියට එකඟව වැඩ කරන එකයි
නිරූපණයට ඇය නවකයකි. ඇයගේ සිහිනය වන්නේ නිරූපණය තුළින් දිගු ගමනක් යෑමයි. නමින් නදුනි මධුරංගී වන ඇය ‘සාරවිට’ සමග මෙලෙස එක්විය.
මුලින්ම ඔයා ගැන විස්තරයක් කිව්වොත්?
මගේ නම නදුනි මධුරංගි වීරසිරි. මගේ පදිංචිය කළුතර.මගේ පවුලේ අම්මයි තාත්තයි අක්කයි ඉන්නේ. දැනට නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කරගෙන යනවා.
නිරූපණයට කරන්න එකතු වුණේ කොයි කාලේද?
2016 අන්තිම කාලේදි වගේ.
ඇයි මේ ක්ෂේත්‍රය තෝරගත්තේ?
මේක තමයි මගේ සිහිනය. ඇත්තටම මට තේරෙන වයසේ ඉඳලා මේ ක්ෂේත්‍රයට කැමතියි.
ගෙදරින් ඒ සඳහා කැමැත්ත හම්බුණාද?
අපෝ නැහැ. තාත්තා ගොඩක් විරුද්ධ වුණා. අම්මත් ටිකක් අකමැති වුණා. ඒත් දැන් නම් එයාලා මුකුත් කියන්නේ නැහැ.
ගොඩක් මේ ක්ෂේත්‍රය වැරදියට නේද තේරුම් අරන් ඉන්නේ?
ඔව්. ඒක නිසා තමයි ගෙදරින් අකමැති වුනෙත්. ඒත් අපි හරියට ඉන්නවා නම් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ.
නමුත් චෝදනාව එන්නේ හැමෝටම නේද?
ඔව් ඒක නම් ඇත්ත. අනේ මන්දා. දැන් ඉතින් කරන්න තියන හොඳම දේ තමන්ගේ හෘද සාක්ෂියට එකඟව වැඩ කරන එක තමයි.
නිරූපණයෙන් දායක වුන වැඩ ගැන කිව්වොත්?
මම තාම නිරූපණය ගැන ඉගෙන ගන්නවා. ඒක කියන්නම ඕනේ. දැනට මම රෑම්ප් ෂෝස්, ෆොටෝ ෂූට් තමයි කරලා තියෙන්නේ.
රංගනය ගැන බලාපොරොත්තුවක් නැද්ද?
තියෙනවා. ඒත් රංගනයට එකතුවෙන්න කලින් ඒ ගැනත් ඉගෙන ගන්න තියෙනවානේ.
ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?
මගේ එකම බලාපොරොත්තුව නිරූපණයෙන් ඉදිරියට යන එක තමයි.
අවසාන වශයෙන් ඔයාට මේ ගමන එන්න අතහිත දුන් අය ගැන කිව්වොත්?
ඇත්තටම මම මුලින්ම ස්තූතියි කරන්න ඕනේ මගේ අම්මා තාත්තා සහ මගේ පෙම්වතාට. එයාලා මගේ හැමදේටම පිටිපස්සෙන් ඉන්නවා. ඊට අමතරව රන්ජුල අයියා, අනිල අයියා, නම් විශේෂයෙන් කියන්න බැරි වුනත් මට මේ ටික කාලේට උදව් කරපු ගොඩක් දෙනෙක්ගේ උපරිම සහය මට ලැබිලා තියෙනවා. ඒ හැමෝටම ස්තූතියි.
Dilan Chryshantha